News Line| Off Air
Generic placeholder image

Jun
1

පේරාදෙණිය සරසවියේ හදපු අමුතු කෞතුකාගාරය. – Photo

1411 Views


පේරාදෙණිය සරසවියේ හදපු අමුතු කෞතුකාගාරය. – Photo

ලංකාවේ පළවෙනි කාය ව්‍යච්ඡේදය පිළිබඳව මුල්ම විධිමත් කෞතුකාගාරය පහුගිය දා විවෘත කරා. ඒ පේරාදෙණිය සරසවියේදී. වෛද්‍ය පීඨ කාය ව්‍යවච්ඡේදය දෙපාර්තමේන්තුවේ මෙම කෞතුකාගාරය හදලා තියෙනවා.

ව්‍යවච්ඡේද විද්‍යාව හා අන්වීක්‍ෂීය ව්‍යවච්ඡේද විද්‍යාව වශයෙන් මානව කාය ව්‍යවච්ඡේදය මූලික කොටස් දෙකකට බෙදෙනවා. උසස් පෙළ හදාරන සිසුන් ගොඩක් වෙලාවට අධ්‍යයන කටයුතු සිදු කරන්නේ ඡායාරූප හා වීඩියෝ දර්ශන වලින්.

හැබැයි විශ්වවිද්‍යාල සිසුන්ට විද්‍යාගාර තුළ මෘත ශරීර කපා අධ්‍යයනය කොට දැනුම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වුනත් මෙච්චර කල් ඒ පිළිබඳව විධිමත් කෞතුකාගාරයක් ලංකාවේ තිබ්බේ නෑ.

මිනිස් සිරුරේ පද්ධති හා කොටස් පිළිබඳව මනා අවබෝධයක් මේ කෞතුකාගාරයෙන් ලබා පුළුවන්. මහජනතාවට කලින් දින වෙන් කර ගෙන මෙම කෞතුකාගාරය නරඹන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post