බොලිවුඩයේ ඉන්න සුරූපිම නිළියක් තමයි දීපිකා පදුකෝන්. ඒ වගේම බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරන නිළියන් අතර දීපිකාගේ නමත් ඉහළින්ම තියෙනවා. ඒ වගේම රන්වීර් සිං කියන්නේ බොලිවුඩයේ ඉන්න කඩවසම් නළුවෙක්.
මේ දෙන්නගේ ආදරය දැන් කාටවත් රහසක් නෙවෙයි. හැබැයි දැන් හැමෝම බලාගෙන ඉන්නේ මේ දෙන්න එක වහලක් යටට එන්නේ කවද්ද කියලා. පහුගිය දා “ෆිල්ම් ෆෙයාර්” වෙබ් අඩවිය හරහා දීපිකා සහ රන්වීර් තමන් විවාහ වෙන දවස ප්‍රකශ කරා.
මේ අවුරුද්දේ නොවැම්බර් 09 වෙනිදා තමයි දෙන්න විවාහ වෙන්න ඉන්නේ. ඉන්දියාවේ මුම්බායි වල තමයි විවාහ උත්සවය තියෙන්නේ. විවාහයත් එක්ක රංගනයෙන් කෙටි නිවාඩුවක් ගන්නවා කියලා රන්වීර් මාධ්‍යට කිව්වා.