News Line| Off Air
Generic placeholder image

Jun
1

සමාජ මාධ්‍ය වලින් රටට අවනම්බු කළ පුද්ගලයාට වසර 10 ක සිර දඬුවමක්.

431 Views


සමාජ මාධ්‍ය වලින් රටට අවනම්බු කළ පුද්ගලයාට වසර 10 ක සිර දඬුවමක්.

සාමාජ ජාල කියන්නේ හරියට දැලි පිහියක් වගේ. හරියට භාවිතා කරේ නැත්නම් අතපය කපා ගන්න තමයි වෙන්නේ. සමාජ ජාල වලින් රටට අපහස කල පුද්ගලයෙක්ට සිර දඬුවම් ලබා දුන්න පුවතක් වාර්තා වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රමුඛ පෙළේ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුට තමයි මේ දඬුවම ලබා දීලා තියෙන්නේ. 48 හැවිරිදි අහමඩ් මන්සූර් ට තමයි මේ දඬුවම ලැබිලා තියෙන්නේ. අවුරුදු 10 ක හිර දඬුවමක් ඔහුට නියම වෙලා තියෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔහුට නීතිඥයෙකුගේ සහාය ලබා ගැනීමටවත් අවසර දීලා නෑ. දඬුවමට අමතරව ඔහුට ඩිරාම් දස ලක්ෂයක දඩයක් නියම කරලා තියෙනවා. බන්ධනාගාරයෙන් නිදහස් කරාට පස්සෙත් අවුරුදු 3 ක් ඔහුගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරනවා.

2011 දී අත්අඩංගුවට ගන්නා ලද දේශපාලනික හෝ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා හඬ නැගූ ක්‍රියාකාරීන් පස්දෙනා අතර අහමඩ් මන්සූර් හිටියා. හැබැයි ඔවුන් පස්දෙනාට බලධාරීහු පසුව සමාව දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post