ඔබගේ ගෙවත්තේ වැවී ඇති වල් පැළෑටි මර්ධනය කරගන්න අනුගමනය කරන්න පුළුවන් ස්වභාවික ක්‍රම 09ක් ගැන විස්තර මෙම ලිපියේ අඩංගු වෙනවා. කෘතීම පලිබෝධනාශක භාවිතා කිරීමට අකමැති ඔබට මේ ස්වභාවික ක්‍රම භාවිතා කරල ඔබගේ ගෙවත්තේ ඇති වල් පැළෑටි සාර්ථකව මර්ධනය කරන්න පුළුවන්.
01. බේකින් සෝඩා.
ඔබගේ ගෙවත්තේ වල් පැළෑටි ඇති වීමට පෙර මෙම සත්කාරය සිදු කිරීම සුදුසු වේ. වල් පැලැටි වැවීම වලක්වා ගැනීම සදහා පොලවේ ඉරි තැලීම් ඇති ස්ථාන වලට බේකින් සෝඩා යොදන්න. ඔබගේ ගෙවත්තේ දැනටමත් වල් පැළෑටි වැවී ඇත්නම් ඒවා සම්පුරන්යෙන්ම වැසි යන පරිදී බේකින් සෝඩා වැස්මක් යොදන්න.
02. මේස ලුණු.
වල් පැළෑටි මුලින්ම උදුරා දැමීම තරමක් අපහසු කාර්යයකි. ලුණු ස්වල්පයක් වල් පැළෑටි වලට වත් කරන්න. ලුණු වතුර කෝප්ප එකක් සහ ජලය කෝප්ප දෙකක් මිශ්‍ර කර ඒවා හොදින් රත් කරන්න. රත් කරන ලද මෙම මිශ්‍රණය වල් පැළෑටි මතට වත් කරන්න.
03. පත්තර.
පත්තර කිහිපයක් ගෙන ඒවා හොදින් තෙත් කරන්න. තෙත් කරන ලද පත්තර වල් පැළෑටි මතට දමන්න. මෙමගින් වල් පැළෑටි වලට හිරු එලිය, ත්තෙමනය නොලැබී යන නිසා ඒවා ස්වභාවිකව මැරී යයි.
04. ඉරිගු.
වැවෙන වල් පැළෑටි මර්ධනය කිරීමට මෙන්ම වැවී ඇති වල් පැළෑටි සාර්ථකව මර්ධනය කිරීමට ඉරිගු බොහෝ උපකාරී වේ. ඉරිගු පිටි ස්වල්පයක් ගෙන වැවී ඇති වල් පැළෑටි මතට ඉසින්න. එමගින් වල් පැළෑටි මර්ධනය සාර්ථකව සිදුවේ.
05. සුදු විනාකිරි.
මල් පාත්ති වල ඇති වල් පැළෑටි මර්ධනය කිරීම සදහා සුදු විනාකිරි හෝ ඇපල් සයිඩර් විනකිර් භාවිතා කරන්නට ඔබට පුලුවන්. විනාකිරි සහ ජලය මිශ්‍ර කර වල් පැළෑටි වලට ඉසින්න.
06. රත් කරන ලද ජලය.
මෙය ඉතා වියදම් අඩු ක්‍රමයකි. ඔබගේ ගෙවත්තේ ඇති වල් පැළෑටි වලට හොදින් නටවන ලද ජලය වත් කරන්න. මෙය ඉතා සරල පහසු කරමයකි.
07. විනාකිරි සහ මේස ලුණු.
විනාකිරි මේස ලුණු සහ සේදුම් කුඩු සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කරගන්න. ඒවා ස්ප්‍රේ බෝතලයකට දමා ගෙන වල් පැළෑටි වලට ස්ප්‍රේ කරන්න.
08. කොළ රොඩු.
ඔබගේ ගෙවත්තේ ඇති වල් පැළෑටි මර්ධනය කරගැනීම සදහා ඇති අනෙක් ක්‍රමය වන්නේ කොළ රොඩු වල් පැළෑටි මතට දැමීමයි. එමගින් කුඩා වල් පැළෑටි මර්ධනය වීම සිදුවේ.
09. වොඩ්කා.
වොඩ්කා මිලි ලීටර 30ක් සහ සේදුම් දියර කෝප්ප දෙකක් හොදින් මිශ්‍ර කර ඔබගේ වල් පැළෑටි වලට යොදන්න. ඒවා ස්ප්‍රේ බෝතලයකට සමා ස්ප්‍රේ කිරීමද ඔබට සිදු කරන්නට පුළුවන්.