News Line| Off Air
Generic placeholder image

Jun
2

කුසල් ජනිත්ගේ පිත්ත යලිත් ක්‍රියාත්මක වෙයි. දෙවෙනි ඉනිමට ලංකාවට දැවැන්ත අාරම්භයක්.

5447 Views


කුසල් ජනිත්ගේ පිත්ත යලිත් ක්‍රියාත්මක වෙයි. දෙවෙනි ඉනිමට ලංකාවට දැවැන්ත අාරම්භයක්.

ශ්‍රී ලංකාව සහ කොදෙව් සභාපතිගේ කණ්ඩායම අතර පුහුණු ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවසේ වැඩි වාසි ලබා ගන්නත් ලංකාවට ප්‍රළුවන් වුණා. පළවෙනි ඉනිමට කොදෙව් කණ්ඩායම ලකුණු 272 කට නවත්තන්න ලංකාවේ පන්දු යවන්නන් සමත් වුණා.

කෑම්බෙල් ලකුණු 62 යි. නායක පවල් ලකුණු 60 ක් ලබා ගත්තා. බෘෘක්ස් ලකුණු 29 යි. අවසන් මොහොතේ හුදකලා ඉනිමක් ක්‍රීඩා කල කෝන්වල් ලකුණු 54 යි. අකිල ධනංජය, ලහිරු කුමාර සහ ඩිල්රුවන් පෙරේරා කඩුළු 3 බැගින් දවා ගත්තා.

ලකුණු 136 ක් ඉදිරියෙන් ඉදගෙන ලංකාව දෙවෙනි ඉනිම අාරම්භ කරා. පළවෙනි කඩුල්ලට අගනා සබඳතාවයක් ගොඩ නගන්න කුසල් ජනිත් සහ කුසල් පෙරේරා සමත් වුණා. කුසල් ජනිත් අවාසනාවන්ත ලෙස අාබාධයකට ලක් වෙලා පිටියෙන් ඉවත් වුණා. එ් වෙද්දී ඔහු ලකුණු 50 ක් ලබා ගෙන හිටියා. එ් 4 පහර 7 ක් සහ 6 පහරක් සමඟ.

දවස අවසන් වෙද්දී ලංකාව දෙවෙනි ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 135 ක් ලබා ගත්තා. නොදැවී ක්‍රීඩා කරන කුසල් පෙරේරා ලකුණු 60 යි. රෝෂෙන් සිල්වා ලකුණු 22 යි. දෙවෙනි ඉනිමට ලංකාව ලකුණු 271 ක් ඉදිරියෙන් ඉන්නවා.

 


News Articles
Latest Videos
Most Popular Post