News Line| Off Air
Generic placeholder image

Jun
2

සියත “රාක්ෂායණය” වැඩසටහනට හැදුන ව්‍යාජ YouTube චැනල් වලට රතු එළියක්.

1576 Views


සියත “රාක්ෂායණය” වැඩසටහනට හැදුන ව්‍යාජ YouTube චැනල් වලට රතු එළියක්.

දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ මහා රාවණා දෙවෙනි දිග හැරුම “රාක්ෂායණය” ජුනි 2 ආරම්භ වුණා. ජුනි 02 ඉඳන් සතියේ දවස්වල සවස 7.01 ට සියත FM ඔස්සේ “රාක්ෂායණය” අහන්න ඔබට පුළුවන්. ඒ වගේම මේ වැඩසටහන මඟහැරෙන අය වෙනුවෙන් “රාක්ෂායණය” වැඩසටහන අපගේ සියත FM YouTube චැනලය, www.siyathafm.lk හෝ www.siyatha24.lk ඔස්සේ ඊට පසුදින සිට අහන්න පුළුවන්.

ඒ වුනත් අපි මේ කියන්න යන්නේ අපගේ “රාක්ෂායණය” වැඩසටහනට අදාලව YouTube එකේ නිර්මාණය කරපු ව්‍යාජ චැනල් කිහිපයක් ගැන. “රාක්ෂායණය” වැඩසටහනේ Digital පිටපත අප විසින් YouTube වලට Upload කිරීමෙන් පසුව බොහෝ ව්‍යාජ YouTube චැනල් ප්‍රමාණයක්, එම වැඩසටහන ඔවුන්ගේ YouTube චැනල් වලට Upload කරල තිබුනා.

කොහොම වුනත් රාක්ෂායණය වැඩසටහනේ සියලුම Digital හිමිකම් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලය සතුයි. මේ විදිහට, “රාක්ෂායණය” වැඩසටහනට අදාලව ව්‍යාජ YouTube චැනල් පවත්වාගෙන යන අයට අපට කියන්න තියෙන්නේ, කරුණාකරල මේ විදිහට Digital පිටපත් Upload කිරීමෙන් වලකින්න. මීළඟ වැඩසටහනේ සිට ඔබ විසින් අපගේ වැඩසටහනේ පිටපත් Upload කිරීමක් සිදුකළහොත් ඔබ YouTube චැනලයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට අපහට සිදුවන බව කරුණාවෙන් සලකන්න.

මේ තියෙන්නේ “රාක්ෂායණය” වැඩසටහනට අදාලව නිර්මාණය වුන ව්‍යාජ YouTube චැනල් කිහිපයක්…


News Articles
Latest Videos
Most Popular Post