News Line| Off Air
Generic placeholder image

Jun
2

ලංකාවේ බස් රථවලින් 99% ක් මගීන්ට යාමට නුසුදුසු තත්වයේ ඒවා බව හෙළිවෙයි. ජාතික ගමනාගමන කොමිසමෙන් කරන්න යන දේ මෙන්න.

1627 Views


ලංකාවේ බස් රථවලින් 99% ක් මගීන්ට යාමට නුසුදුසු තත්වයේ ඒවා බව හෙළිවෙයි. ජාතික ගමනාගමන කොමිසමෙන් කරන්න යන දේ මෙන්න.

දිවයින පුරා ධාවනය කරනු ලබන බස් රථවලින් 99% ක්ම මඟී ප‍්‍රවාහනයට නුසුදුසු ආරක්ෂාකාරි බවින් තොර බස් රථ බවට සමීක්ෂණයකින් හෙළි වි තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කඩිනම් දැඩි ක‍්‍රියාමාර්ගයකට යොමු වීමටයි ජාතික ගමනාගමන කොමිසම තීරණය කර ඇත්තේ.

ශ‍්‍රී ලංකාවට ආනයනය කරන බස් රථ, ලොරි එන්ජින් හා ලොරි චැසිවලින් සමන්විත බැවින් ඒවා මඟී ප‍්‍රවාහනයට නුසුදුසු බව හෙළිව තිබෙනවා.
එම බස් රථ, හදිසි අනතුරකදී මෙන්ම තිරිංග යෙදීමේදී ද මඟීන්ගේ ආරක්ෂාවට අවශ්‍ය සාධක අන්තර්ගත නොවන වාහන බව සඳහන්.

ලොරි රථවල චැසි සකස් කර ඇත්තේ භාණ්ඩ රැගෙන යෑමට හා ඒ භාණ්ඩවලට උචිත පරිදි වන හෙයින් එම චැසි කිසිසේත්ම මඟීන්ට සුදුසු නොවන බවත්, එම බස් රථවල ගමන් ගැනීමේදී මඟීන්ගේ කායික ශක්තිය පවා දුර්වල වන බවත් හෙළිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post