News Line| Off Air
Generic placeholder image

Jun
2

යතුරුත් එක්කම දාලා ගිය අයිතිකරුවන් නොමැති සුපිරි වාහන දෙකක් ගමිපහින් හොයාගෙන. පාතාල සම්බන්ධයක් බවටත් සැකයක්.

974 Views


යතුරුත් එක්කම දාලා ගිය අයිතිකරුවන් නොමැති සුපිරි වාහන දෙකක් ගමිපහින් හොයාගෙන. පාතාල සම්බන්ධයක් බවටත් සැකයක්.

තමන්ගේම කියල වාහනයක් ගන්න එක කාගේත් හීනයක්. එත් අලුත්ම අලුත් වාහනයක් අයිතිකරුවෙක් නැතුව පාරේ දාලා ගිය පුවතක් ගමිපහ බැලුම්මහරින් වාර්තා වෙනවා. මේ වාහන දෙක හොයාගත්තේ ගමිපහ බැලුම්මහර ගොඩගෙදර විහාරස්ථානය අසල දමා ගොස් තිබියදී. මෙම වාහන ගැන කළ විමර්ශනයේදී එම එක් රථයක ලියාපදිංචි අංකයට සමාන තවත් රථයක් කළුබෝවිල ප්‍රදේශයනුත් හොයාගෙන තියෙනවා.

විශේෂ මෙහෙයුමක යෙදීල හිටපු යක්කල පොලිස්ථානයේ නිලධාරින් පිරිසකට තමයි මේ විදිහට නවීන පන්නයේ ටොයෝටා වර්ගයේ මෙම මොටර් රථ දෙක හමුවෙලා තියෙන්නේ. මේ මෝටර් රථ දෙකේම පණගැන්වීමේ යතුරුද දමා තිබුනා කියලයි පොලිසිය කියන්නේ.

මේවායෙහි ලියාපදිංචි අංක විදිහට WP CAC-7859 සහ WP KJ – 8981 සඳහන්ව තිබූ බව පොලිසිය කියනවා. මේ විදිහට නවීන වාහන දෙකක් අතහැර යාම කිසියම් කොල්ලකරුවන් පිරිසකගේ ක්‍රියාවක් වෙන්න පුළුවන් කියලයි පොලිසිය සක කරන්නේ. ඒ නිසා මේ වාහන දෙකේ හිමිකරුවන් සොයා ගන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා සිදුකොට ඇති විමර්ශනයේදී WP CAC-7859 දරණ රථය කළුබෝවිල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට ලියාපදිංචි කරලා තියෙනවා කියලයි අනාවරණය කරගෙන තියෙන්නේ.

අතහැර දමා තිබී හමුවූ ලියාපදිංචි අංක WP KJ-8981 දරන රථය නිට්ටඹුව ප්‍රදේශයේ අයෙකුට අයත් බව අනාවරණය වෙලා තියෙනවා.එත් එම පුද්ගලයා අදාළ ලිපිනයෙහි නොමැති බව හෙළි වුණා. කොහොම වුනත් මේ රථය පැහැර ගැනීමක් හෝ නැතිවිමක් සම්බන්ධයෙන් කිසිඳු පොලිසීයකට පැමිණිල්ලක් ලැබීල නැහැ. මෙම අමුතු ආකාරයේ ජාවාරම ගැන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post