කාන්තා ආසියානු කුසලානය අද ආරම්භ වුණා. ඒ මැලේසියාවේදී. ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවේ ධේනුවන් සටන් වැදුන පළවෙනි තරඟයෙන්ම බංගලාදේශයට අමතක නොවන පාඩමක් උගන්වන්න සමත් වුණා. ලංකාව කඩුලු 6 ක ජයක් ලබා ගත්තා.
කාසියේ වාසිය දිනා ගත්ත ශ්‍රී ලංකා නායිකාව මුලින්ම පන්දු රකින්න තීරණය කරා. බංගලාදේශ ක්‍රීඩිකාවන්ට පන්දුවාර 19 කදී සියලු දෙනාම දැවී ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 63 ක් විතරයි. අයාෂා රහමන් ලකුණු 11 යි. රුමානා අහමඩ් ලකුණු 10 ක් ලබා ගත්තා. නිගා සුල්තානා ලකුණු 10 යි.
අනිත් කිසිම බංගලි ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව පහු කරන්න බැරි වුණා. සුගන්ධිකා කුමාරි කඩුලු 3 ක් ගත්තා. ප්‍රභෝධනි, ඕෂදී සහ ඉනෝක කඩුලු 2 බැගින් දවා ගත්තා.
ලකුණු 64 ක් පහසු ඉලක්කය කඩුලු 4ක් දැවී තිබියදී ලබා ගන්න ශ්‍රී ලංකාව සමත් වුණා. යශෝදා මෙන්ඩිස් ලකුණු 20 යි. හංසිකා ලකුණු 23 යි. ඛදීජා කඩුලු 3 ක් දවා ගත්තා. තරඟයේ වීරයා සුගන්ධිකා කුමාරි.