මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනීගේ දුව. පවුලේ අනිත අය වගේම මාධවීත් කලාවට සම්බන්ධ වෙලා ඉන්නේ. මධවිගේ ජිවිතයට අලුත් අමුත්හ්ටෙක් ඇවිල්ලා. ඔහු ගැන මාධවී සති අන්ත පුවත්පතකට කියපු කතාව තමයි මේ.
කොහොමද ජීවිතේ?
ජීවිතේ කියන්නේ සංසාරෙ පුංචිම කොටසකට. ජීවත් වෙනවා කියන්නේ ගනුදෙනුවක්. මම දුකට වැඩිය සතුටට බයයි. ඒ සතුට අහිමි වීමේ බිය නිසා. නමුත් හිනාවෙන හැම වෙලාවකම අඩන්නත් වෙලාවක් එන බව දැනගෙන මම හිනාවෙලා ඉන්නවා. මොකද මගේ ජීවිතේ හුඟක් කාලෙකට පස්සේ දැන් මම ආයෙත් සතුටින්.
සතුටින් ඉන්නේ ජීවිතයට මුණගැහිලා ඉන්න විශේෂ කෙනා නිසාද?
සතුට තියෙන්නේ අපි තුළ. වෙන කෙනෙක් තුළ ඒක හොයන්න යන එකයි අපි කරන ලොකුම වරද. ඒක මට කියලා දුන්නේ එහෙම විශේෂ කෙනෙක් තමයි. එයා මගේ වටිනාකම මට වටහලා දුන්නා. මටත් අහිමිවෙලා හිටපු මාව හොයලා දුන්නා.
ඒ කෙනා කවුද කියලා කියන්න කැමතිද?
මම කැමතියි ඒ නිසාම ලස්සන විදිහට ඒ හඳුන්වාදීමත් කරන්නයි මම කැමති.
එතකොට ඔයාගෙ ජීවිතේ වෙනසක් වෙන්න යනවා කියන්නේ ඇත්තද?
කෙසේවත් සිදුවී අවසන් වන්නේ නැත කියලා අපේ අප්පච්චී කියන්නේ. ඒකත් දිග කතාවක පුංචි පරිච්ඡේදයක්. සංසාරේ පුරුද්දක්. මම හිතන්නේ වෙන්න යන්නේ වෙනසක් නෙමෙයි. මෙතෙක් සිද්ධ වෙච්ච හැම සිද්ධියක්ම වුණේ මාව මෙතනට යොමු කරවන්න. මම අවුරුදු ගාණක් ලොකු කන්දක් නැග්ගා. හරිම වේදනාවනේ. තෙහෙට්ටුවෙන්. ඒක මොන තරම් කටුකද කියලා තේරෙන්නේ අද මම බොහොම සැහැල්ලුවෙන් පල්ලමක් බහින නිසා. අයෙ මට තනියම කඳු නගින්න වෙන්නේ නෑ.
ජීවිතේ ඒ විශේෂම දවස උදාවෙන්නේ කවදද?
අපි කැමතියි ඒ කටයුතු දින වකවානු දැන්වීම් සිරිත් අගයමින් නොයිඳුල්ව සුබ මොහොතින් ඉටු කරන්න.
තිලිණි කෞෂල්‍යා