News Line| Off Air
Generic placeholder image

Jun
4

ශ්‍රී ලංකාව පරාද කරන්න කොදෙව්වන් සුපිරි ක්‍රීඩකයාට යළි තැන දෙයි.

6430 Views


ශ්‍රී ලංකාව පරාද කරන්න කොදෙව්වන් සුපිරි ක්‍රීඩකයාට යළි තැන දෙයි.

ජුනි 6 වෙනිදා කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළවෙනි ටෙස්ට් තරඟය පටන් ගන්නවා. පළවෙනි ටෙස්ට් සටනට යන කොදෙව් සංචිතය ඊයේ නම් කරා. ලංකාවේ ක්‍රීඩකයන්ට මුහුණ දෙන්න අවුරුදු 3 ක් කණ්ඩායමේ නොහිටිය ක්‍රීඩකයෙකුත් කැඳවලා තියෙනවා.

ඒ ඩෙවෝන් ස්මිත්. අවුරුදු 3 කට පස්සේ තමයි ඔහුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කැඳවලා තියෙන්නේ. ඒ වගේම ටෙස්ට් වරම් නොලැබුන නවක ක්‍රීඩකයෙකුත් සංචිතයට තෝරලා තියෙනවා. ඔහු තමයි කඩුලු රකින්නෙක් වන ජාමර් හැමිල්ටන්.

ස්මිත් අන්තිමට කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කලේ 2015 දී. ඒ එංගන්තය සමඟ තිබ්බ තරඟයකට.


News Articles
Latest Videos
Most Popular Post