News Line| Off Air
Generic placeholder image

Jun
4

හෂාන් තිලකරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ලොකු වගකීමක්.

519 Views


හෂාන් තිලකරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ලොකු වගකීමක්.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම කියන්නේ ලංකාවේ ක්‍රිකට් වල අනාගතය. ජාතික කණ්ඩායම අනාගතයේ නියෝජනය කරන ක්‍රීඩකයින් බිහි වෙන්නේ එතනින්.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට පත් කරලා තියෙනවා. මීළඟ වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ඔහු එම තනතුරේ වැඩ කරනවා.

හෂාන් තිලකරත්න මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස මීට කලින් කටයුතු කරා. ටෙස්ට් තරග 83 කදී සහ එක්දින ජාත්‍යන්තර තරග 200 කදී හෂාන් ලංකාව නියෝජනය කරලා තියෙනවා. ඒ වගේම ලෝක කුසලාන 4 කට ඔහු සහභාගී වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post