News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

සත්තු වත්තෙන් පැනලා ගියා කියපු සිංහයෝ, කොටි, වලස්සු කූඩු වලින්ම හමුවෙයි. – Photo

1130 Views


සත්තු වත්තෙන් පැනලා ගියා කියපු සිංහයෝ, කොටි, වලස්සු කූඩු වලින්ම හමුවෙයි. – Photo

කොච්චර කම්මැලි සතෙක් වුනත් කැලේ රජා සිංහයා කියලනේ හඳුන්වන්නේ. කම්මැලි කමට හිටියට සටනට ගිය වෙලාවට නම් හරිම භයානකයි. නිකමට්ර හිතන්නකෝ ඔබේ නගරයට සිංහයෙක් ආවා කියලා.

ජර්මනියේ බටහිර ලුනෙබැච් වල සත්වෝද්‍යානයෙන් සිංහයෝ දෙන්නෙක් කොටි දෙන්නෙක් සහ ජගුවරයන් දෙන්නෙකුත් පැනලා ගියා කියලා මාධ්‍ය වාර්තා කරා. ලුනෙබැච් වල තියෙන ඊෆල් සත්වෝද්‍යානයෙන් තමයි මේ සත්තු පැනලා තියෙන්නේ. ඒ රාත්‍රීය පුරා පැවති වැසි සහිත කාළගුණික තත්ත්වය නිසා සතුන්ගේ කූඩු වටා පිහිටි ආරක්ෂක වැටට හානි වෙලා.

මේ නිසා පැනලා ගිය සත්තු හොයලා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරා. පොලිසිය, ගිනි නිවන භටයන් හා පශු වෛද්‍යවරුන් එකතු වෙලා ප්‍රදේශය පීරමින් සතුන්ව හෙව්වා. කොහොම වුනත් පැය කිහිපයකට පස්සේ සත්වෝද්‍යානයේ බලධාරීන් ප්‍රකශ කරේ පැනලා ගියා කියපු සත්තු ඔවුන්ගේ කූඩු වලින්ම හමු වුණා කියලා.

හැබැයි කූඩුවෙන් එළියට පැනල ගිය වලහෙක් වෙඩි තියලා මරලා තියෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post