News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

රටම බලාසිටි ඡන්දය දෙසැම්බරයේ

672 Views


රටම බලාසිටි ඡන්දය දෙසැම්බරයේ

එකක් ඉවර වෙද්දී තව එකක් ඡන්ද එනවා. ගමේ ඡන්දයේ උණුසුම ඉවර වුණා විතරයි තවත් ඡන්දයක් ගැන කතා බහක් කරළියට ඇවිත් තියෙනවා. ඒ පළාත් සභා ඡන්දය.

මැතිවරණ කොමිසමේ සභාපතිතුමා පහුගිය දවසක කිව්වේ මේ අවුරුද්දේ කොහොම හරි පළාත් සභා ඡන්දය තියන්න ඕන කියලා. ඊයේ තිබ්බ ශ්‍රීලනිප විශේෂ රැස්වීමේදීත් මේ ගැන කතා බහ කරා.

මේ අවුරුද්දේ අවසන් වෙන්න කලින් පළාත් සභා ඡන්දය තියනවා කියලා ඒ රැස්වීමේදී ජනපති කියලා තියෙනවා. ශ්‍රීලනිපයේ පක්ෂ භාණ්ඩාගාරික එස්. බී. දිසානායක මහතා ඒ බව සඳහන් කරා. හැබැයි මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අවසන් තීරණයකට ඇවිත් නැහැ.


News Articles
Latest Videos
Most Popular Post