ඇෆ්ගනිස්ථානය කියන්නේ ක්‍රිකට් වලින් වේගයෙන්ම ඉස්සරහට එන රටක්. ශ්‍රී ලංකාවට පවා එක අවස්ථාවක අභියෝගයක් එල්ල කරන්න ඔවුන් සමත් වුණා. ඊයේ බංගලාදේශය එක්ක තිබ්බ T20 තරඟයෙන් වාර්තා ගත ජයක් ලබා ගන්න ඇෆ්ගන් කණ්ඩායම සමත් වුණා.
මුලින්ම පන්දුවට පහර දුන්න ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම ලකුණු 167 ක් ලබා ගත්තා. බංගලාදේශ ක්‍රීඩකයින්ට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 122 ක් විතරයි. සුපිරි පන්දු යැවීමක නිරත වුන රෂීඩ් ඛාන් ලකුණු 13 ට කඩුලු 3 ක් දවා ගත්තා.
ඔහු T20 කඩුලු 50 සීමාව පහු කරන්න සමත් වුණා. ඒ කෙටිම කාලයකදී T20 කඩුලු 50 සීමාව පහු කල පන්දු යවන්නා විදියට. ඒ වගේම දෙවෙනි වේගවත්ම T20 කඩුලු 50 ලබා ගත්ත පන්දු යවන්නා විදියටත් ඉතිහාසගත වුණා.
T20 කඩුලු 50 වේගයෙන්ම ලබා ගත්ත පන්දු යවන්නා අජන්ත මෙන්ඩිස්. ඔහු තරඟ 20 කදී කඩුලු 50 සීමාව පහු කරා. රෂීඩ් ඛාන්ට ඒ සඳහා තරඟ 31 ක් ගත වුණා.