ලබන 6 වෙනිදා දිවයින තුල සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං තත්වය වැඩි වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා. ඒ වගේම බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්.
විශේෂයෙන්ම සබරගමුවට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වෙන්න පුළුවන්. අධික වැසි නිසා රත්නපුර – කලාවන ප්‍රධාන මාර්ගයේ කම්බාගල ප්‍රධාන පාලම ගිලා බැස්සා. ඒ නිසා අද උදේ ඉඳන් ඒ මාර්ගයේ වාහන ගමනා ගමනය නවත්වලා තියෙන්නේ.
විමලසුරේන්ද්‍ර ජලාශයත් අද උදේ වාන් දාන්න පටන් ගත්තා.