News Line| Off Air
Generic placeholder image

Jun
5

අද ලග්න 5 කට ඉතාම සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

877 Views


අද ලග්න 5 කට ඉතාම සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුනි මස 05 වන අඟහරුවාදා
රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.16 සිට 04.50 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.01 සිට 04.27 දක්වා 
සුභ දිශාව: දකුණ 

මේෂ ලග්නය

අතට මුදල් වැඩියෙන් හම්බවෙන දිනයකි. කායික ශක්තිය ඉතාම ඉහල දිනයකි. සමාජය තුල වැඩි ආකර්ශනයක් ලබාගත හැකි දිනයකි. අය සමඟ කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ගත කරන්න. දුර දිග බලා කටයුතු කිරීමේ ශක්තියද මනාව පවතින දිනයකි. සමාජයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහැකි දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය                                             ජය අංකය: 02

වෘෂභ ලග්නය

අන් අයට පියකරුව ගත කරන දිනයකි. කලා කටයුතු වලට වඩාත් සුභ දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. නව රැකියා අවස්ථා ලැබෙන දිනයකි. ඔබට එන අභියෝගයන් හමුවේ සාර්ථකව කටයුතු කිරීමේ හැකියාව පවතින දිනයක් වන අතර අන් අය අතර වැඩි ජනප්‍රියත්වයක් පවතින දිනයකි.වැඩසි වගකීම් ලැබෙන දිනයකි. නායකත්ව ගුණාංග වැඩියෙන් ඉස්මතු වන දිනයකි. අලස නොවී කටයුතු කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                    ජය අංකය: 01

 මිථුන ලග්නය

යම් අසනීප තත්වයන් සම්පුර්ණයෙන්ම සමනය වන දිනයකි. ව්‍යාපාර කටයුතු වලට ඉතාම සුභ දිනයකි. නිසි තීරණ මත කටයුතු කළහැකි දිනයකි.  නව නිර්මාණ වැඩ කටයුතු වලටද සුභ දිනයකි. ආගමනුකුලව හා ව්‍යායාම තුලින් දිනය ආරම්භ කරන්න. විදෙස්ගතවීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට වදටැහැ සුභ දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                          ජය අංකය: 09

කටක ලග්නය

ජලය ආශ්‍රිතව ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. ගැඹුරෙන් යුතුව සිතන, කටයුතු කරන දිනයකි. ඔබේ අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමටද සුභ දිනයකි. ඔබේ නිවසේ ආරක්ෂාව ගැන වැඩියෙන් සැළකිලිමත් විය යුතු දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. කල්පනාවෙන් යුතුව නිහඬව තම වැඩ කටයුතු සාර්ථකව  කරගෙන යා හැකි දිනයකි. හදිසි අනතුරු වලින් ප්‍රවේසම් වීමට වග බලාගත යුතු දිනයකි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                                        ජය අංකය: 08

සිංහ ලග්නය

සුභ මංගල යෝග පවතින දිනයකි. පාලනයට වැඩි හැකියාවක් පෙන්වන දිනයකි. නිදහසේ කටයුතු කිරීමට සිතට ගතයුතු දිනයකි. ව්‍යාපාර කටයුතු වල සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. නිසි තීරණ ගැනීමේ හැකියාවද පවතින දිනයකි. මනා පාලනයකින් යුතුව ඔබේ වැඩ කටයුතු සම්පාදනය කරගන්නා දිනයකි. උසස් අය සමඟ කටයුතු කිරීමටද අවස්ථාව උදාවන දිනයකි. පවුලේ අ=සාමය ඇතිවන දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය                                                       ජය අංකය: 07

කන්‍යා ලග්නය

සෞඛ්‍ය තත්වයගන වැඩියෙන් සැළකිලිමත් විය යුතු දිනයකි. නව ව්‍යාපාර කටයුතු වලට ඉතාම සුභ දිනයකි. පවුලේ අය සමඟ ගෙවන දිනයකි. ආමාශගත රෝග ගැනද වැඩියෙන් සැලකිල්ලක් දැක්විය යුතු දිනයකි. ඔබ තීන්දු තීරණ ගැනීමේදී වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. පින් දහම් කටයුතු වලටද වැඩියෙන් යොමුවන දිනයකි.
ජය වර්ණය: තද කොළ පැහැය                                                         ජය අංකය: 06

 

තුලා ලග්නය

අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට ඉතාම සුභ දිනයකි. ඔබේ යහපත් ගුණාංග මතුවන දිනයකි. කලා කටයුතු වලටද සුභ දිනයකි. අන් අය අතර සහයෝගයෙන් කටයුතු කරන දිනයකි. ආදායම් තත්වය ඉතාම සුභ දිනයකි. නිසි තීරණ ගැනීමේ ශක්තිය පවතින දිනයකි. අධ්‍යාපන කටයුතු වලටද සුභ දිනයකි. තැනට සුදුසු නුවනින් කටයුතු කිරීමට වග බලාගන්න. සියලුම ව්‍යාපාර කටයුතු වලටද යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: ලා තැඹිලි පැහැය                                                          ජය අංකය: 05

වෘශ්චික ලග්නය

 

කතාවෙන් පමණක් ජයගත හැකි දිනයකි. මනා ඉවකින් යුතුව කටයුතු කිරීමේ ශක්තිය පවතින දිනයකි. තමාගේ වැරදි  නිවැරදි කරගෙන කටයුතු කළහැකි දිනයකි. අන් අය ගැන වැඩි ආදරයක්, කරුණාවක් ඇතිවන දිනයකි. රැකියා වල මෙන්ම ව්‍යාපාර කටයුතු වලින්ද දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. තියුණු නුවනින් යුතුව, මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. කතාවෙන්, තර්කයෙන් සියල්ල ජය ගත හැකි දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය                                         ජය අංකය: 04

ධනු ලග්නය

යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. කලකට කලින් කල දේවල් නැවත කිරීමට ආසාවක් ඇතිවන දිනයකි. පැරණි කුසලතා ඉස්මතු වන දිනයකි. යහපත් සිතුවිලි වර්ධනය කරගන්න. අවිවාහක ඔබට සුභ මංගල යෝග පවතින දිනයකි. පුණ්‍ය කටයුතු වලට වෙහෙසෙන්න. වැඩ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් නිතරම සිහි කල්පනාව තීව්‍ර කරගන්න. ආගමනුකුලව ආරම්භ කරන්න.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය                                 ජය අංකය: 02

 

මකර ලග්නය

වචනයෙන් අන් අය අතර වඩාත් කැපී පෙනෙන දිනයකි. ආදායම් තත්වය ඉතාම සුභ දිනයකි. සිත පාලනය කරගත යුතු දිනයකි. තීරණ ගැනීමේදී වඩාත් සාර්ථක වන දිනයකි. නිතරම හොදින් සිතා බලා කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න. කෞතුක භාණ්ඩ වලටද වැඩි ඇල්මක් දක්වන දිනයකි. හදිසි ධන ලාභ ලැබෙන දිනයකි. නිරෝගී භාවය ඇතිවන දිනයකි.
ජය වර්ණය: දම් පැහැය                                       ජය අංකය: 02

 

 

කුම්භ ලග්නය

සියලුම ප්‍රශ්න හා ගැටළු හමුවේ සාර්ථකව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලට ඉතාම සුභ දිනයකි. එමෙන්ම සූක්ෂම වැඩ කටයුතු වලට ඉතාම දස්කමක් පෙන්වන දිනයකි. මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. සමාජය තුළ හොඳා නාමයක් දිනාගත හැකි දිනයකි. අලුතින් යහපත් මානව සම්බන්ධතා ඇතිකරගත හැකි දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                        ජය අංකය: 01

 

මීන ලග්නය

අදහස් උදහස් සුභ දිනයකි. අන් අයට ආදර්ශමත්ව කටයුතු කළහැකි දිනයකි. සංකීර්ණ දේවල් වඩාත් සරලව අන් අයට පහදා දෙන දිනයකි. කෝපය ඉවතලා කටයුතු කරන්න. ඔබේ වැඩ කටයුතු කල්පනාවෙන් යුතුව නිසි සැලසුම් සහිතව සම්පාදනය කරගන්න. දුර දිග බලා ඔබ කටයුතු කරන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු නිසි සැලසුම් සහගතව සම්පාදනය කරගන්න.
ජය වර්ණය: ලා ගුරු පැහැය                             ජය අංකය: 03
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ 
දුරකථන: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post