News Line| Off Air
Generic placeholder image

Jun
5

ප්ලූටෝ මතින් අදහාගත නොහැකි සොයා ගැනීමක්.

1524 Views


ප්ලූටෝ මතින් අදහාගත නොහැකි සොයා ගැනීමක්.

ප්ලූටෝ කාලයක් සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකයෙක්. හැබැයි ප්ලූටෝ ග්‍රහයෙක් නෙවෙයි කියලා විද්‍යාඥයෝ සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත් කරා. හැබැයි ප්ලූටෝ ගැන හොයන එක නැවැත්තුවේ නෑ. පහුගිය දා ප්ලූටෝ ගැන අපූරු සොයා ගැනීමක් කරන්න විද්‍යාඥයෝ සමත් වුණා.

ඒ ප්ලූටෝ මත මීතේන් අයිස් වැටි තියෙනවා කියලා. 2015 වසරේ ජුලි මස ප්ලූටෝ අසලින් පියාසර කළ නාසා ආයතනයේ ‘නව ක්ෂිතිජ’ යානයේ තොරතුරු තමයි තොරතුරු හොයා ගත්තේ.

දශකයකට ආසන්න කාලයක් පැයට කිලෝමීටර 58,536 ක වේගයකින් ‘නව ක්ෂිතිජ’ යානය සෞරග්‍රහ මණ්ඩලය වටා යනවා. ඒ අතරතුරු සෞරග්‍රහ මණ්ඩලයේ තොරතුරු එකතු කරනවා.

කිලෝ මීටර 5 ක් පමණ උස අයිස් කඳුවලට ආසන්නයේ තමයි මේ අයිස් වැටි තියෙන්නේ. මෙම වැටි කි.මි. 0.4 සිට 1 දක්වා දුරකින් එකිනෙකට වෙන්ව තියෙනවා. ඒවා මයික්‍රො මීටර 200 – 300 අතර විශ්කම්භයකින් යුත් මීතේන් කැටවලින් නිර්මාණය වෙලා තියෙනවා කියලා විද්‍යාඥයන් නිගමනය කරනවා. ඒ අනුව මෙම මීතේන් අංශුවක ප්‍රමාණය දළ වශයෙන් සාමාන්‍ය වැලි කැටයක විශ්කම්භයට සමාන වෙනවා.

“අපිට කැට (මීතේන් අයිස්) වෙන වෙනම පේන්නෙ නැහැ. නමුත් අපිට වැටි හඳුනා ගන්න පුළුවන්. ඒවගේම ඒවායේ මූලික භෞතික පරාමිතියේ ලක්ෂණ සහ එමගින් නිර්මාණය කරන ලද යටින් පිහිටි වායු ගෝලයේ ඝනත්වය හඳුනා ගන්න පුළුවන්.” කියලා එක්සත් රාජධානියේ ප්ලිමුත් විශ්ව විද්‍යාලයේ භෞතික භූ විද්‍යාඥ ආචාර්ය මට් ටෙල්ෆර් සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post