News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

ලංකාවේ සිංහ ධේනුවන් ඉදිරියේ මැලේසියාවත් දණින් වැටෙයි. ලංකාවට තවත් දැවැන්ත ජයක්.

3077 Views


ලංකාවේ සිංහ ධේනුවන් ඉදිරියේ මැලේසියාවත් දණින් වැටෙයි. ලංකාවට තවත් දැවැන්ත ජයක්.

කාන්තා ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වුන තවත් තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ සත්කාරක මැලේසියානු කණ්ඩායම සමඟ. ඒ තරඟයෙනුත් දැවැන්ත ජයක් ලබා ගන්න ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් සමත් වුණා.

කාසියේ වාසිය දිනා ගත්ත මැලේසියාව මුලින්ම ලකුණු රැස් කරන්න ලංකාවට ආරාධනා කරා. ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත ලංකාව ලකුණු 136 ක් ලබා ගත්තා. ඒ කඩුලු 3 ක් දැවී. යසෝදා මෙන්ඩිස් ලකුණු 36 යි. හංසිකා ලකුණු 20 කට දුවද්දී දැවී ගියා. සංජීවනී ලකුණු 26 යි. හසිනි පෙරේරා නොදැවී ලකුණු 32 ක් ලබා ගත්තා. හමිසා හෂීම් සහ සශා අස්මි කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්රිදාඅ කර මැලේසියාවට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 46 ක් විතරයි. ඔවුන්ගේ කඩුලු 7 ක් බිඳ වැටුණා. ක්‍රිස්ටිනා බාරෙට් ලකුණු 14 යි. මහීරා ඉස්මයිල් ලකුණු 10 යි. අනිත් කිසිම මැලේසියානු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව පහු කරන්න බැරි වුණා.

සුපිරි පන්දු යැවීමක නිරත වුන නිලක්ෂි ද සිල්වා ලකුණු 13 ට කඩුලු 3 ක් දවා ගත්තා. ශෂිකලා සිරිවර්ධන කඩුලු 2 යි. තරඟයේ වීරයා නිලක්ෂි ද සිල්වා. මේ වෙද්දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ දෙවෙනි ස්ථානය දිනාගෙන ඉන්නවා. ඉදිරියෙන්ම ඉන්නේ ඉන්දියානු කණ්ඩායම.


News Articles
Latest Videos
Most Popular Post