News Line| Off Air
Generic placeholder image

Jun
6

“බිල් ගෙවුවේ නෑ කියලා ගැලෙව්වා. මම දැන් වයසක මනුස්සයා. කඳු නගින්න බෑ. හෙලිකොප්ටරේ ගිහිං ආයේ ට්‍රාන්ස්මීටර් හයි කරනවා.” – ලංකාවේ ටෙලිවිෂන් පියා සියතට කියයි.

4121 Views


“බිල් ගෙවුවේ නෑ කියලා ගැලෙව්වා. මම දැන් වයසක මනුස්සයා. කඳු නගින්න බෑ. හෙලිකොප්ටරේ ගිහිං ආයේ ට්‍රාන්ස්මීටර් හයි කරනවා.” – ලංකාවේ ටෙලිවිෂන් පියා සියතට කියයි.

ලංකාවට රූපවාහිනිය හඳුන්වලා දුන්නේ ශාන් වික්‍රමසිංහ. ඔහු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයියා. ලංකාවට මුලින්ම රූපවාහිනිය හඳුන්වා දුන්න ශාන් මහතාගේ පලවෙනි දරුවා තමයි ITN කියන්නේ.

ITN නාලිකාව 39 වෙනි සංවත්සරය සමරද්දී ශාන් මහතාගේ දෙවෙනි දරුවා TNL නාලිකාවේ විකාශන කුළුණක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සීල් තිබ්බා. ඒ බලපත්‍රයක් නැතුව පොල්ගහවෙල ඕලුමුවා කන්දේ ප්‍රතිවිකාශන මධ්‍යස්ථාන පවත්වාගෙන ගියා කියලා.

හැබැයි TNL නාලිකාවේ හිමිකරු ශාන් වික්‍රමසිංහ මහතා නම් කියන්නේ එම විකාශන මධ්‍යස්ථානයට TRC ආයතනය මගින් ලබාගත් නිල බලපත්‍රයක් තියෙනවා කියලා. ඒ වගේම ගෙවිය යුතු මුදල් ආදියද ගෙවලා තියෙන්නේ කියලා.

ශාන් මහතාගෙන් මේ ගැන වැඩිදුර තොරතුරු සියත 24 විමසුවා. “බිල් ගෙව්වෙ නෑ කියලයි ගැලෙව්වේ. මේක දේශපාලන පළිගැනීමක්. මම මේ ගැන අගමැතිතුමාට, හිටපු ජනාධිපතිතුමාට සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාට කිව්වා. මම දැන් වයසක මනුස්සයා. මට කඳු නගින්න බෑ. ඒ නිසා මම හෙලිකොප්ටරේ ගිහිං ආයේ ට්‍රාන්ස්මීටර් හයි කරනවා.” කියලා එතුමා සියත 24 වෙත සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post