News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
6

ක්‍රිකට් නිසි බලධරයා, ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසක් අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යයි.

568 Views


ක්‍රිකට් නිසි බලධරයා, ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසක් අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට යයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් තත්ත්වය ගැන පැහැදිලි කිරීමකට ක්‍රීඩා අමාත්‍ය, ෆයිසර් මුස්තාෆා ඇතුළු ක්‍රිකට් ආයතනයේ බලධාරීන් පිරිසක් අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යාමට නියමිත වෙලා තියෙනවා.

ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස පත්කළ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා හා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇශ්ලිද සිල්වා මහතා සහභාගී වීමට නියමිතයි. ඔවුන් එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශාෂන්ක් මනෝහර් මහතා හමුවීමට බලාපොරොත්තු වන බවයි ක්‍රිකට් ආයතනය කියන්නේ.

මෙම හමුව ඩුබායිහි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මූලස්ථානයේදී සිදුවීමට නියමිතයි. ඒ වගේම මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනාගත කටයුතු පිළිබඳව ද පැහැදිලි කිරීමට නියමිත බවත් ක්‍රිකට් ආයතනය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post