සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවියගේ මරණය සම්බන්ධයෙන් අලුත්ම තොරතුරක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙච්චර කාලෙකට සැක කරන්න පුළුවන් සාක්ෂි ගොන්නට තවත් එක සාක්ෂියක් තමයි මේ විදිහට ඔවුන් වාර්තා කරන්නේ. නාන කාමරයේ බේසමේ වැටී මියගිය බවට වාර්තා වූ බොලිවුඩ් නිළී ශ්‍රී දේවියගේ ඉන්දීය රුපියල් කොටි 240 ක ජීවිත රක්‍ෂණයක් ඕමානයේ ඇති බවට සොයාගෙන තිබෙන බව තමයි ඔවුන් කියන්නේ. ඒ වගේම මේ ජීවිත රක්‍ෂණයේ අඩංගු වූ ප්‍රධානතම කරුණ නම් ඊට අදාළ අති විශාල මුදලලබාගන්න පුළුවන් වෙන්නේ, ශ්‍රීදේවි ඩුබායිහිදී මියගියොත් විතරයි. සුනිල් සිං නමැති චිත්‍රපටකරුවා කියන්නෙත් ශ්‍රීදේවි ඝාතනයට ලක්‌වෙලා තියෙනවා කියලයි. සුනිල් සිංගේ නීතිවේදියා හෙළි කරල තියෙන්නේ ශ්‍රීදේවියගේ රක්‍ෂණ ඔප්පුව ගැන ඕමාන් රාජ්‍යයෙන් වාර්තා වූ බවයි.
මේ අතරේ නවදිල්ලි පොලිසිය සුනන්දා පුස්‌කාර් මාධ්‍යවේදිනිය ඝාතනය ගැන තවදුරටත් සොයනවා. එත් ඩුබායි පොලිසිය දින හතරකින් ශ්‍රීදේවියගේ මරණය ගැන පරීක්‍ෂණ අවසන් කර පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව ලබා දුන්නා කියලයි සහකාර පොලිස් අධිකාරී භූෂාන් කියන්නේ. එත් හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා චෝදනා කරන්නේ ඇගේ මරණයට ඩුබායි රටේ ඉන්න පාතාල කල්ලි නායක ඉබ්‍රාහිම් ඩාවුඩ් සම්බන්ධ බවයි. ඩුබායි හෝටලයේ ශ්‍රීදේවියගේ කාමරයට යන ස්‌ථානයේ CCTV දර්ශන පවා මරණ පරීක්‍ෂණයට ඉදිරිපත් කර නැති බවයි ඔහු කියන්නේ.