News Line| Off Air
Generic placeholder image

Jun
7

Phone එක දිහා බලන් පාරේ යන අයට චීනයෙන් වෙනම මංතීරුවක්.

1795 Views


Phone එක දිහා බලන් පාරේ යන අයට චීනයෙන් වෙනම මංතීරුවක්.

ජංගම දුරකථන නිසා මේ වෙද්දී සිද්ධ වෙන මාර්ග අනතුරු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. කොච්චර කිව්වත් අද කාලයේ තරුණ තරුණියන් Mobile Phone එක ඔබ ඔබ පාරේ යන එක නවත්වන්නේ නෑ.

චීනය මේකට අපූරු පිලියමක් දීලා තියෙනවා. ඒ Mobile Phone එක ඔබ ඔබ පාරේ යන අයට වෙනම මංතීරුවක් වෙන් කරලා තියෙනවා. උතුරු දිග චීනයේ ෂී අන් නගරයේ ‘යන්තා’ වීදීයේ තමයි මේ මංතීරුව තියෙන්නේ.

රතු, කොළ සහ නිල් පාට තීන්ත වලින් මංතීරුව වර්ණ ගන්වලා තියෙනවා. මංතීරුවේ පළල සෙන්ටිමීටර 80 ක් වන අතර දිග මීටර 100 ක්. මාර්ගය මත ස්මාර්ට් ජංගම දුරකතන පින්තාරු කරලා තියෙන නිසා සාමාන්‍ය පදික වේදිකාවලින් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post