News Line| Off Air
Generic placeholder image

Jun
7

සුපිරි නලු රන්බීර් කපූර් රෝහල් ගත කරයි.

1056 Views


සුපිරි නලු රන්බීර් කපූර් රෝහල් ගත කරයි.

සුපිරි බොලිවුඩ් නලු රන්බීර් කපූර් රංගනයට වගේම පාපන්දු ක්‍රීඩාවටත් දක්ශයෙක්. රඟපෑම අතර පුංචි විවේකයක් ලැබුනොත් රන්බීර් දුවන්නේ පාපන්දු ක්‍රීඩාංගණයට. හැබැයි පහුගිය දවසක පූනේ වල තිබුණු පාපන්දු තරඟයක් අතර රන්බීර් ආබාධයකට ලක්වෙලා රෝහල් ගත කරා. ලැබෙන ආරංචි වල හැටියට රන්බීර්ගේ තත්වය බරපතල නෑ. හැබැයි වයිද්‍යවරු රන්බීර්ට කියලා තියෙන්නේ දවස් තුන හතරක් යනකං ෂූටිං වලට යන්න එපා කියලයි. ඉතිං සංජේ දත්ගේ ජීවිත කතාව ඇතුලත් සංජු Film එකේ ෂූටිං වලට මේ දවස් ටිකේ රන්බීර්ට යන්න බැරි වෙනවා. ඒ වුණාට කලින් Plan කරපු විදිහටම සංජු Film එක ජුනි 29 කොහොම හරි රිලීස් කරනවා කියලයි නිශ්පාදක කණ්ඩායම කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post