News Line| Off Air
Generic placeholder image

Jun
8

අවසන් පන්දුවට එල්ල කළ හතරේ පහර විශ්මිත ලෙස නවත්වමින් ඇෆ්ගනිස්ථානයත් බංගලියන් ඉදිරියේ නයි නටවයි. – Video

3494 Views


අවසන් පන්දුවට එල්ල කළ හතරේ පහර විශ්මිත ලෙස නවත්වමින් ඇෆ්ගනිස්ථානයත් බංගලියන් ඉදිරියේ නයි නටවයි. – Video

ප්‍රභල බංගලාදේශ කණ්ඩායම අන්ත අසරණ කරන්න ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම සමත් වුණා. ඒ තරඟ 3 ක් T20 තරඟාවලිය 3 – 0 ක් විදියට පරාජය කරලා. ඊයේ තිබ්බ අවසන් තරඟයත් අවසන් පන්දුව දක්වා කල සටනකින් පස්සේ ජය ගන්න ඇෆ්ගනිස්ථාන් ක්‍රීඩකයින් සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන්න ඇෆ්ගන් පිතිකරුවන් ලකුණු 145 ක් ලබා ගත්තා. ඒ කඩුලු 6 ක් දැවී. ශසාඩ් සහ උස්මාන් පළවෙනි කඩුල්ලට ලකුණු 55 ක් රැස් කරා. ශසාඩ් ලකුණු 26 යි. 6 පහර 3 ක් සමඟින් අස්ගාර් ලකුණු 27 යි. සමුල්ලා ශෙන්වාරි නොදැවී ලකුණු 33 ක් ලබා ගත්තා. නසමුල් සහ අබු ජයෙඩ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරැ ඉනිම ක්‍රීඩා කල බංගලාදේශ පිතිකරුවන්ට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 144 ක් විතරයි. මුෂ්ෆිකර් රහීම් ලකුණු 46 යි. මහමදුල්ලා ලකුණු 45 කට දුවද්දී දැවී ගියා. ඔහුගේ ඉනිමට 4 පහර 3 ක් සහ 6 පහර 2 ක් ඇතුලත් වුණා.

18 පන්දුවාරය වෙද්දී බංගලාදේශයට ජයග්‍රහණයට ලකුණු 30 ක් අවශ්‍ය වෙලා තිබ්බා. 18 වෙනි පන්දු වාරයේදී මුෂ්ෆිකර් රහීම් පිට පිට 4 පහර 5 ක් එල්ල කරලා තරඟය බංගලාදේශය දෙසට හරවා ගත්තා. 19 වෙනි පන්දු වාරයේදී මුෂ්ෆිකර් දවා ගන්න රෂීඩ් ඛාන් සමත් වුණා. ඒ නිසා තරඟය ආයෙත් විවෘත වුණා.

අවසන් පන්දුවට බංගලාදේශයට ලකුණු 4 ක් අවශ්‍ය වුණා.අවසන් පන්දුවේදී අරිෆුල් හකී එල්ල කර 4 පහර නවතා ගන්න ඇෆ්ගනිස්ථාන් ක්‍රීඩකයින්ගේ සුපිරි පන්දු රැකීම නිසා පුළුවන් වුණා.

මේ තියෙන්නේ අවසන් පන්දුවේදී තරඟයේ ජයග්‍රහණය වෙනස් වුන හැටි.

https://youtu.be/x0qZDZAq36U?t=729


News Articles
Latest Videos
Most Popular Post