News Line| Off Air
Generic placeholder image

Jun
8

අද ලග්න දෙකකට වැඩ අධික දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

2274 Views


අද ලග්න දෙකකට වැඩ අධික දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 මයි මස 08 වන සිකුරාදා
රාහු කාලය: දිවා කාලය උදෑසන 10.35 සිට 12.09  දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.43  සිට 12.09  දක්වා 
සුභ දිශාව: උතුරු 
මරු සිටින දිශාව: ගිණිකොන  

මේෂ ලග්නය

ඔබට වඩා උගත් අයගේ උපකාර ලැබෙන දවසක් .රැකියා හා ව්‍යාපාර කටයුතු දියුණු වන සුභ දිනයකි. ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. . දුර බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. ධනය මෙන්ම බලයද ලබාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම්  පැහැය                                                    ජය අංකය: 07

වෘෂභ ලග්නය

අලුත් බලාපොරොත්තු එකතුවෙන දවසක් පෙර පින ඉස්මතු වන ඔබව සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. තරමක සැහැල්ලු මානසිකත්වයකින් කටයුතු කළහැකි දිනයකි.  සිතෙහි සතුට වර්ධනය වන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා  කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලානිල්  පැහැය                                                ජය අංකය: 09

මිථුන ලග්නය

කොන්ද හා තුනටිය ආශ්‍රිතව ඔබට  බාධා ඇතිවිය හැකි දිනයකි නමුත් කළමනාකරණය කරගත්තොත් දවස සාර්ථක කරගත හැක . යාන වාහන සම්බන්ධව ගැටළු ඇතිවන දිනයකි. කායික හා මානසික පීඩාකාරී තත්වයන් දුරුවන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වෙනසක් අපේක්ෂා කළහැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු  පැහැය                                                    ජය අංකය: 06

කටක ලග්නය

ජීවිතයට අනිසි බාදා ඇතිවිය හැක . ලිවීම් කිවීම් වලට යෝග්‍ය නොවේ . සමාජයේ වැඩි ගෞරවයද නිමදව ලැබෙන දිනයකි. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. සමාජ පිළිගැනීම් නොමදව ලැබෙන දිනයක් වන අතර හවුල් ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. ආගමානුකුලව මෙන්ම ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: කහ  පැහැය                                                           ජය අංකය: 07

සිංහ ලග්නය

මනවසම්පත් කටයුතුවලට යෝග්‍ය දවසක් .සියුම් සතුරු කරදර ඇතිවන දිනයක් වුවත් ඔබට ඒවා මර්දනය කළහැකි දිනයකි. ඔබේ සෞඛ්‍ය ගැන නම් වෙනදට වඩා වැඩි අවදානයක් යොමු කළයුතු දිනයකි. කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව වැඩ කටයුතු කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. වැඩිහිටි උපදෙස් මත කටයුතු කරන්න.
ජය වර්ණය: රන්වන්  පැහැය                                         ජය අංකය: 02

කන්‍යා ලග්නය

කාර්යබහුල දිනයක් වැඩ රාජකාරි අදික විය හැක ගෙදරදොර අස්පස් කරන්න වැඩි කාලයක් ගතවේ . බොහෝ පිරිසක් අතර ඔබ ගැන, ඔබේ උගත්කම ගැන  කතාබහක් ඇතිවන දිනයකි. එමෙන්ම අන් අයට උදව් උපකාර කිරීමට සිදුවන දිනයකි. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතුයි. ආගමානුකුලව, කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: කොළ  පැහැය                                       ජය අංකය: 09

 

තුලා ලග්නය

අයහපත් වැඩවලට අරදනා ලැබෙන දවසක් මානසික පීඩා කාරී තත්ත්ව ඇතිවිය හැක. එමෙන්ම කල්පනාකාරී වන්න. නමුත් ඔබ ප්‍රවේසම් වීම වැදගත් වන දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා නිල්  පැහැය                                      ජය අංකය: 05

වෘශ්චික ලග්නය

 

කේන්ති සහගත සිතුවිලි අතිවිය හැක . නමුත් කාර්යබහුල විය හැකි නිසාම ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇති දිනයකි. කලා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. වියදම් පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. වඩාත් ඉවසිල්ලෙන් හා  කල්පනාකාරීව මෙන්ම ඉවසීමෙන් වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා දම්   පැහැය                                             ජය අංකය: 06

ධනු ලග්නය

වැඩ රාජකාරී අධික වෙන දවසක් ඔලුව උස්සන්න අපහසු වන දවසක් . වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාවෙන් කටයුතු කරන්න. නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. කෝපය නම් අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතු දිනයකි. අන් අයගේ වචනයටද ඇහුන්කම් දිය යුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම්  පැහැය                                                  ජය අංකය: 07

 

මකර ලග්නය

හිත සතුට ගෙනදෙන දවසක්  මානව සම්පත් කළමනාකරණය ආදී කටයුතු වලට සුභ දිනයකි. සෙම් සහිත රෝග ඇතිවීමට ඉඩ ඇති දිනයකි. ඔබේ පරිපාලන හැකියාව නම් ඉහල මට්ටමක පවතින දිනයකි. අදහස් යටපත් කරගන්නා දිනයක් විය හැකිය. නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම ඔබට වඩාත් යහපත්.
ජය වර්ණය:  කහ  පැහැය                                 ජය අංකය: 08

 

 

කුම්භ ලග්නය

ඔබගේ නිවාස සිහිනය දේපල ඉඩකඩම් සිහින සබවන දවසක් ජීවිතයට යම් නව ශක්තියක් එකතු වන දිනයකි. . වියදම් තත්වයද ඉහල යා හැකි දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ  පැහැය                                                ජය අංකය: 08

 

මීන ලග්නය

රැකියාව සම්බන්ධව ස්ථානීය වෙනස් වීමක් අධික වැඩ ඇතිවීමක් ඇතිවිය හැක. ධනය බලය සම්බන්ධ කටයුතුවලට ඉතාමත්ම යෝග්‍ය දවසක් කෙසේවෙතත් දවස අගමනුකුලව ගතකරන්න. ඔබේ ජයග්‍රහණ නවත්ත්වන්න කාටවත්ම බෑ.
ජය වර්ණය: ලා දම්  පැහැය                                           ජය අංකය: 07
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post