දත්ත ගබඩා කිරීමේ ප්‍රමුඛයෙක් තමයි මයික්‍රොසොෆ්ට් සමාගම. ගොඩක් වෙලාවට විශාල ගොඩනැගිලි වල තමයි මේ දත්ත ගබඩා පවත්වාගෙන යන්නේ. හැබැයි මයික්‍රොසොෆ්ට් සමාගම දත්ත ගබඩා කරන්න අලුත් තැනක් හොයාගෙන තියෙනවා.
ඒ තමයි මුහුද. මයික්‍රොසොෆ්ට් සමාගම ඔවුන්ගේ දත්ත ගබඩාවක් ඕක්නි දූපත් ආශ්‍රිත මුහුදේ ගිල්වන්න කටයුතු කරා. ඒ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිකිරීම පිළිබඳ විමර්ශනය කරන්න. මෙම ව්‍යාපෘතිය ‘Project Natick’ කියලා නම් කරලා තියෙනවා.
සිලින්ඩරාකාර හැඩයක් ඇති මෙම දත්ත ගබඩාව තුළ පරිගණක තැන්පත් කරලා තියෙනවා. මේ දත්ත ගබඩාව වසර පහකට ආසන්න කාලයක් මුහුදු පතුලේ රඳවා තියෙනවා. දත්ත ගබඩාවට බලය සැපයීම සහ ගොඩබිමට දත්ත රැගෙන ඒම ජලය යට තිබෙන කේබල් සිදු කරනවා.
හැබැයි සිලින්ඩරය ඇතුලේ තියෙන Computers කැඩුනොත් ආයේ හදන්න නම් බෑ. පරිගණක ජලය යට තැන්පත් කිරීමෙන් ඒවා සිසිල් කිරීමට වැයවෙන අධික මුදල අවම කරන්න තමයි මේ පරීක්ෂණ කරන්නේ.
“මිනිසුන් නැති නිසා ගබඩාව අවට ජලයේ ඇති ඔක්සිජන් ඉවතට ඇද දැමීමෙන් පරිගණක මලකඩ කෑම නතර කරගන්න පුළුවන් වීම මෙයින් අපිට ඇතිවන තවත් වාසියක්. පරිගණක මලකඩ කෑම දත්ත ගබඩා වල බහුලව මතුවෙන ප්‍රශ්නයක්,” කියල ව්‍යාපෘතියේ ප්‍රධානී බෙන් කට්ලර් ප්‍රකාශ කරා.
“මිනිසුන් නැති නිසා ගබඩාව අවට ජලයේ ඇති ඔක්සිජන් ඉවතට ඇද දැමීමෙන් පරිගණක මලකඩ කෑම නතර කරගන්න පුළුවන් වීම මෙයින් අපිට ඇතිවන තවත් වාසියක්. පරිගණක මලකඩ කෑම දත්ත ගබඩා වල බහුලව මතුවෙන ප්‍රශ්නයක්,” කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කරා.
අධි බලැති පරිගණක (servers) දොළහක් පමණ මේ මුහුද යට දත්ත ගබඩාවේ තියෙනවා. 2015 වර්ෂයේ දී මයික්‍රොසොෆ්ට් ආයතනය මේ වගේ මධ්‍යස්ථානයක් මාස පහක කාලයක් දිය යට තැන්පත් කරලා පරීක්ෂණ කරා.
ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දත්ත ගබඩා කළ පරිගණක සහිත තවත් සිලින්ඩර පහක් දිය යට තැන්පත් කරන්න සූදානම් වෙනවා. එමඟින් දින 90කින් දත්ත ගබඩා මධ්‍යස්ථානයක් හදන්න තමයි මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩබිම දී ඒ වගේ ගබඩාවක් තැනීමට වසර ගණනාවක් ගත වෙනවා.