මේ දවස්වල ලංකාවේ දේශපාලනයේ ප්‍රධානම මාතෘකාව තමයි අර්ජුන් ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත පාර්ලිමේන්තුවේ ඉන්න 118 කවුද කියලා. සැරින් සැරේට එක්කෙනා දෙන්න තමන් සල්ලි ගත්තා කියලා පිළිගන්නවා.
සුජීව සේනසිංහ අමාත්‍යවරයාත් තමන්ට ඇලෝසියස්ගෙන් මුදල් ලැබුණ හැටි කිව්වා. එතුමා නම් කිව්වේ මෙන්ඩිස් අරක්කු සමාගමෙන් මුදල් ලැබුණා මිසක් ඇලෝසියස්ට මෙන්ඩිස් සමාගම අයිතියි කියලා දන්නේ නෑ කියලා.
‘‘2015 මහමැතිවරණ සමයේ ප්‍රචාරණ කටයුතුවලදී චෙක්පත් මුදල් කටයුතු සම්බන්ධයෙන් කිසිම දැනුමක් මට තිබුණේ නෑ. මගේ එම්.එස්.ඩී එකේ කෙනෙක් තමයි මාරු කරලා තියෙන්නේ. ඇලෝසියස්ට මෙන්ඩිස් එක සම්බන්ධ බව වුණත් දන්නේ අන්තිම කාලේ.” කියලයි එතුමා කිව්වේ.