ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස ඊයේ ක්‍රීඩා කලා. වර්ෂාවේ බාධා මැද්දේ පැවැත් වුන තරඟයේ වැඩි ගෞරව ලබා ගන්න කොදෙව් කණ්ඩායම සමත් වුණා.
පළවෙනි ඉනිමට කොදෙව්වන් ලකුණු 414 ක් ලබා ගෙන ඉනිම අත්හිටෙව්වා.හෝප් ලකුණු 44 යි. අගනා ඉනිමක් ක්‍රීඩා කල ෂේන් ඩොව්රිච් නොදැවී ලකුණු 125 ක් ලබා ගත්තා. ඒ 4 පහර 12 ක් සමඟින්. නායක හෝල්ඩර් සහ බිශූ ලකුණු 40 බැගින් දවා ගත්තා. කෙමාර් රොච් ලකුණු 39 යි.
කොදෙව් කණ්ඩායමේ කඩුලු 8 ක් දවා ගන්න ලංකාවේ පන්දු යනවන්නන් සමත් වුණා. ලහිරු කුමාර කඩුලු 4 යි. සුරංග ලක්මාල් කඩුලු 3 යි.
ලකුණු 414 ක් දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ලංකාවේ මුල් පෙළ විනාශ කරන්න කොදෙව් පන්දු යවන්නන් සමත් වුණා. කුසල් ජනිත් ලකුණු නොලබා දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 4 යි. මැතිව්ස් ලකුණු 11 කට දැවී ගියා. දෙවෙනි දවසට තරඟය නතර කරද්දී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 31 ක් ලබා ගෙන හිටියා.
පලවෙනි ඉනිමේ ජයග්‍රහණයට ලංකාවට තවත් ලකුණු 383 ක් අවශ්‍යයි. කඩුලු 7 ක් විතරයි ලංකාවට ඉතිරි වෙලා තියෙන්නේ.