News Line| Off Air
Generic placeholder image

Jun
8

ශ‍්‍රී ලංකාව ලෝක සාම දර්ශකයේ ස්ථාන 13 කින් ඉදිරියට.

2219 Views


ශ‍්‍රී ලංකාව ලෝක සාම දර්ශකයේ ස්ථාන 13 කින් ඉදිරියට.

ශ‍්‍රී ලංකාව මෙවර ලෝක සාම දර්ශකයේ ස්ථාන 13 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. රටවල් 163ක් සැලකිල්ලට ගනිමින් වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කෙරෙන ලෝක සාම දර්ශකයේ ශ‍්‍රී ලංකාව පසුගිය වසරේ පසු වුනේ 80 වන ස්ථානයේ. මෙවර එම දර්ශකයේ 67 වන ස්ථානය දක්වා ශ‍්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා.

සාමකාමී රටවල් අතර දකුණු ආසියානු කලාපයේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ද ශ‍්‍රී ලංකාව සමත්ව තිබේ. කලාපයේ සාමකාමී රට බවට මෙවරත් පත්ව ඇත්තේ භූතානයයි. අඛණ්ඩව 10 වන වසරටත් ලොව සාමකාමීම රට බවට අයිස්ලන්තය පත්ව ඇති අතර නවසීලන්තය, ඔස්ට‍්‍රේයාව, පෘතුගාලය සහ ඩෙන්මාර්කය, පළමු රටවල් 05 අතරට අයත් වෙයි.

අඛණ්ඩව පස්වන වරටත් ලෝක සාම දර්ශකයේ අවසන් ස්ථානයට පත්ව ඇත්තේ සිරියාවයි. එක් එක් රටවල සමාජ සුබසාධනය හා ආරක්ෂාව, අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගැටුම් ආදී කරුණු 23ක් සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන ලෝක සාම දර්ශකය වසරක් පාසා ප‍්‍රකාශයට පත් කෙරෙයි.


News Articles
Latest Videos
Most Popular Post