News Line| Off Air
Generic placeholder image

Jun
9

ඇලවුන පීසා කුළුණ බිම වැටෙන්නේ නැති රහස හෙළි වෙයි.

1826 Views


ඇලවුන පීසා කුළුණ බිම වැටෙන්නේ නැති රහස හෙළි වෙයි.

අතීතයේ ඉඳන්ම දියුණු ගෘහ නිර්මාණ ශිල්පයක් ලෝකය පුරා තිබුණා. සමහර නිර්මාණ කරේ කොහොමද කියලා තාමත් හිතා ගන්න බෑ. ඉතාලියේ පීසා කුළුණ කියන්නෙත් ලෝකයම මවිත කරවපු ගොඩනැගිල්ලක්.

පීසා කුළුන 1173 දී තමයි ඉදිකිරීම් ආරම්භ කරලා තියෙන්නේ. කොහොම හරි කුළුණ ඉදිකරලා අවසන් වෙද්දී පොළවට අංශක 5 යි දශම 5 කින් ඇල වෙලා. මීටර් 58 ක් උස මේ ගොඩනැගිල්ල ඇලවෙලා තිබිලත් බිම වැටෙන්නේ නැති එක හැමෝටම ප්‍රශ්නයක්. විද්‍යාඥයින් සෑහෙන කාලයක් මේ ගැන පරීක්ෂණ කරා.

කොහොම හරි මේ වෙද්දී පීසා කුළුණ බිම වැටෙන්නේ නැති හේතුව හොයාගෙන තියෙනවා. එකට හේතුව තමයි පීස කුළුණ ඉදිකරපු භූමියේ තියෙන මෘදු පස තමයි ඒකට හේතුව වෙලා තියෙන්නේ. ශක්තිමත්ව ඉදිකරපු කුළුණ කම්පන වලදී මෘදු පත්ලේ චලනය වුනත් ආයෙත් මුල් ස්වභාවයට එනවා.


News Articles
Latest Videos
Most Popular Post