News Line| Off Air
Generic placeholder image

Jun
9

සචින් තෙන්ඩුල්කාර්ගේ පුතා අර්ජුන් ලංකාවට එරෙහිව සටනට එයි.

3648 Views


සචින් තෙන්ඩුල්කාර්ගේ පුතා අර්ජුන් ලංකාවට එරෙහිව සටනට එයි.

ඉන්දියාවේ ක්‍රිකට් දෙවියා සචින් තෙන්ඩුල්කාර්. කාලයක් ලෝකයේ ප්‍රභලම පිතිකරුවා ඔහු. ලංකාවට දැවැන්ත අභියෝගයක් එල්ල කරන්න ඔහු සමත් වුණා. හැබැයි දැන් සචින් ක්‍රිකට් වලින් සමු අරන් ඉන්නේ.

ඒ වුනත් සචින්ගේ පුතා අර්ජුන් තෙන්ඩුල්කාර ලංකාවට එරෙහිව සටනට එන්න සූදානම් වෙනවා. අර්ජුනව ඉන්දියාවේ 19න් පහළ ජාතික කණ්ඩායම සඳහා තෝරා ගෙන තියෙනවා. ජූලි මාසයේ පැවැත් වෙන එක්දින තරග පහක් සහ සිව් දින තරග දෙකක් සඳහා එම කණ්ඩායම ශ්‍රී ලංකාවට එන්න නියමිතයි. අර්ජුන් තෙන්ඩුල්කාර් මේ සංචිතයට ඇතුලත් වෙලා තියෙනවා.

සචින් තෙන්ඩුල්කාර පිතිකරුවෙක් විදියට කණ්ඩායම නියෝජනය කලත් අර්ජුන් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදියට ක්‍රීඩා කරනවා. සිය පුතු ජාතික කණ්ඩායමකට තේරීම “ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්” කියලයි සචින් කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post