News Line| Off Air
Generic placeholder image

Jun
9

ශ්‍රී ලාංකික කාන්තාවක් එංගලන්තයේ නගරාධිපති ධූරයකට. මඟුල් බෙර මැද්දේ හෙළ සිරිතට වැඩ බාර ගනී.

671 Views


ශ්‍රී ලාංකික කාන්තාවක් එංගලන්තයේ නගරාධිපති ධූරයකට. මඟුල් බෙර මැද්දේ හෙළ සිරිතට වැඩ බාර ගනී.

ලෝකේ හැම අස්සක් මුල්ලකම ලංකාවේ තියන්න ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් වෙලා තියෙනවා. මේ කියන්න යන්නෙත් ලංකාවේ නම එංගලන්ත ඉතිගාසයේ ලිව්ව ශ්‍රී ලාංකීය කාන්තාවක් ගැන.

ඇඟේ නම කයිරුල් කමීර් මරික්කාර්. එංගලන්තයේ බටහිර හැරෝ වල නගරාධිපතිනිය විදියට ඇය තේරී පත් වුණා. එංගලන්තයේ හිටියත් ඇය ලංකාවේ සංස්කෘතිය අමතක කරේ නෑ. මංගල බෙර මැද්දේ ශ්‍රී ලාංකීය විදියට තමයි ඇය ධූරයේ වැඩ බාර ගත්තේ.

තිදරු මවක් වන ඈ 1961 වසරේ ලංකාවේ නුවර ප්‍රදේශයේ උපත ලබලා තියෙනවා. කයිරුල්නු වර උසස් බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියක්. ඇය නුවර හෝටලයේත් සේවය කරලා තියෙනවා.

2017 වසරේ දී ඇය බටහිර හැරෝ වල උප නගරාධිපතිවරිය ලෙස කටයුතු කරා. එරට මාධ්‍යයන් සහ ප්‍රාන්ත පුරවැසියන් “ශ්‍රී ලංකාවේ තරුව” කියලා තමයි කරීමා තමයි හඳුන්වන්නේ. ඇය ශ්‍රී ලංකා සංස්කෘතික මධ්‍යස්ථානයක් හැරෝ නගරයේ විවෘත කිරීමටද කටයුතු කර තිබීම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post