News Line| Off Air
Generic placeholder image

Jun
10

රටම දන්න සුපිරි රේඩියෝ ඩබල අතරට හෙට එන අමුත්තා මෙන්න.

1219 Views


රටම දන්න සුපිරි රේඩියෝ ඩබල අතරට හෙට එන අමුත්තා මෙන්න.

ලංකාවේ ඉන්න සුපිරිම රේඩියෝ ඩබල තමයි සියතේ අරවින්ද සහ ආශ්චර්යා. රටම දන්න මේ දෙන්නට රේඩියෝ ශ්‍රාවකයන්ගේ පුදුම ආදරයක් තියෙන්නේ. හැබැයි මේ දෙන්න අතරට තුන්වැන්නෙක් එනවා කියලා පහුගිය දවස් කිහිපයේ කතා වුණා.

අරවින්ද සහ ආශ්චර්යා අතර එන මේ අමුත්තා කවුද කියලා සියත 24 හොයලා බැලුවා. ඔහු ලංකාවම හොඳටම දන්නා කෙනෙක්. ඒ තමයි එවරස්ට් කන්ද තරණය කල පලවෙනි ශ්‍රී ලාංකීය පිරිමියා විදියට ඉතිහාසගත වුන යොහාන් පීරිස්. හෙට උදේට අරවින්ද with ආශ්චර්යා වැඩසටහනට යෝහානුත් එනවා.

ඒ පළවෙනි වතාවට විද්‍යුත් මාධ්‍යක් එක්ක තමන්ගේ අත්දැකීම් බෙදා ගන්න. හෙට උදේට අරවින්ද යෝහාන්ගෙන් මොනවා අහවිද? ආශ්චර්යා යොහාන්ට මොනවා කියාවිද? ඒ සියල්ල දැන ගන්න නම් හෙට උදේට අරවින්ද with ආශ්චර්යා බලන්නම වෙනවා. ඒ වගේම සියත FM Fan Page එකෙන් සජීවීව මේ වැඩසටහන බලන්නත් පුළුවන්.

 

https://www.youtube.com/watch?v=tnhCDcSuM8U&feature=youtu.be


News Articles
Latest Videos
Most Popular Post