News Line| Off Air
Generic placeholder image

Jun
10

“ශ්‍රීලනිපය භාර ගත්ත නිසා තමයි දින 100 කරේ. මාධ්‍ය මේක විකෘති කරලා” – සෝභිත හිමිගේ සැමරුම් උත්සවයේදී කරපු කතාව ගැන ජනපති පැහැදිලි කරයි.

730 Views


“ශ්‍රීලනිපය භාර ගත්ත නිසා තමයි දින 100 කරේ. මාධ්‍ය මේක විකෘති කරලා” – සෝභිත හිමිගේ සැමරුම් උත්සවයේදී කරපු කතාව ගැන ජනපති පැහැදිලි කරයි.

මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ ජන්ම දින සැමරුම් උත්සවයේදි ජනපති කල කතාව නිසා රටම හෙල්ලුනා. දින 100 හැදුවේ කවුද කියලා එතමා දන්නේ නෑ කියලා එදා කිව්වා. එතුමා එදා කල කතාව ගැන පැහැදිලි කිරීමක් සතිඅන්ත පුවත්පතකට කරලා තිබ්බා. එතුමාගේ කතාව මාධ්‍ය විකෘති කරලා කියලයි චෝදනා කරන්නේ.

මම එදා කතාවේදී කිව්වේ, දින සියයේ වැඩපිළිවෙළ මම දන්නේ නැහැ කියලා නෙමේ… මේක හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ කියලයි. ඒත් මගේ දේශපාලන විරුද්ධවාදීන්, ඇතැම් වෙලාවට මාධ්‍ය මේක සම්පූර්ණ විකෘති කරලා මේක මම දන්නේ නැහැ කියලා මම කිව්වා කියලා ප්‍රචාරය කළා. නමුත් මම පැහැදිලිව කිව්වේ මේ වැඩපිළිවෙළ හැදුවේ කවුද කියලා මම දන්නේ නැහැ කියන එකයි.”

“දින 100 වැඩපිළිවෙළ පිළිබඳව මම පසුගිය දවස්‌වල පැහැදිලි කළා. රජයක්‌ විදියට එවකට තිබුණේ දින 100 හදා ගන්න එක නොවේ. පාර්ලිමේන්තුවේ 47 ක්‌ තියාගෙන, එක්‌සත් ජාතික පක්‌ෂයට දින 100 තුළ තිබුණා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කරන්න, තුනෙන් දෙකේ ඡන්දය ලැබිය යුතු පනත් සම්මත කරන්න, දුම්කොළ, මද්‍යසාර, ඖෂධ පිළිබඳ පනත් සම්මත කරන්න. ඒ ඔක්‌කොම අපි සම්මත කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන්. අද ඒ දේවල් අමතක වෙලා.” කියලා ජනාධිපතිතුමා සඳහන් කරා.

ශ්‍රීලනිපය භාර ගත්ත එක ගැනත් ජනාධිපතිතුමා පැහැදිලි කරලා තිබ්බා. “සමහරු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය මම භාරගත් නිසා මේ ආණ්‌ඩුවට ප්‍රශ්න ගොඩක්‌ වුණා කියන්න කියලා හදනවා. මම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය භාරගත් නිසා තමයි, දින සියයේ වැඩපිළිවෙළේ බොහෝ දේවල් කරන්න පුළුවන් වුණේ.” කියක්යි එතුමා ඒ ගැන කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post