News Line| Off Air
Generic placeholder image

Jun
10

Royal Birthday Party දුන්න චන්දිමාල්ගේ ගෙදරට අදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් පනී.

5768 Views


Royal Birthday Party දුන්න චන්දිමාල්ගේ ගෙදරට අදායම් බදු දෙපාර්තුමේන්තුවෙන් පනී.

තාමත් ලංකාවේ සමාජ මාධ්‍ය වල ප්‍රධානම මාතෘකාව චන්දිමාල්ගේ Royal Birthday Party එක. ගොඩක් අයට තියෙන ප්‍රශනයක් තමයි කොහෙන්ද ඔහුට මෙච්චර සල්ලි කියලා. කීයක් මේ Royal Birthday Party එකට ගියද කියලාත් ගොඩක් අය ඔහුගෙන් අහලා තිබ්බා.

සමහරු කිව්වේ Royal Birthday Party එකට කොටි 5 ක් 10 ක් විතර යන්න ඇති කියලා.හැබැයි චන්දිමාල් නම් කිව්වේ ඒ අයට කැමති ගණනක් දාගන්න කියලා. සපත්තු කුට්ටමේ, ඇඳුමේ ඉඳලා ගොඩක් දේවල් ලැබුණේ නිකන් කියලා චන්දිමාල් සියතට කිව්වේ. කොහොම වුනත් පහුගිය දා චන්දිමාල්ගේ නිවසට සහ Saloon එකට ආදායම් බදු දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් ඇවිත් තිබ්බා.

“15 ක් විතර කණ්ඩායමක් ආවා. එයාල මගේ ගෙදරයි, Saloon එකයි පරික්ෂා කරා. අන්තිමේදී එයාලත් පුදුම වුණා පුම්බලා පෙන්නපු කිසි දෙයක් නෑ කියලා.” කියලයි චන්දිමාල් කිව්වේ. ඒ වුනත් හෙට ඔහුට අදායම් බදු දෙපාර්තුමේන්තුවට ඇවිත් ප්‍රකාශයක් දෙන්න කියලා. “මට ගෙනියන්න තියෙන්නේ හෝටලේ බිල විතරයි” කියලයි චන්දිමාල් නම් කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post