රජයේ රෝහලක් කිව්වම අපේ හිතට එන්නේ එච්චර හොඳ රූපයක් නෙවෙයි. අපිරිසිඳු, රෝගීන් පිරුණ, මැස්සෝ තැනක් තමයි අපේ හිතට එන්නේ. හැබැයි තරු පන්තියේ හෝටලයක් වගේ හදපු ල්නාක්වේ සුපිරිම රජයේ රෝහලක වාට්ටුවක් ගැන අපිට ආරංචි වුණා.
මහනුවර මහ රෝහලේ ස්නායු ශල්‍ය ඒකකය තමයි මේ විදියට හදලා තියෙන්නේ. මුලිනම් මේ වාටුවට ඇතුළු වෙන කෙනෙක්ට භාවනා අසපුවකට ඇවිත් කියලා හිතෙන්නත් පුළුවන්. හරිම පිළිවෙලකට ලස්සනට මේ වාටුව හදලා තියෙනවා.
” සෑම රෝගියකු පසුපසම දුක්ඛ දෝමනස්ස කතාවක් තියෙනවා. කරන්න තිබෙන සැත්කම් බරපතළයි. කොන්දෙ, ඔළුවේ සැත්කම්වලට මේ වාට්ටුවට ඇතුළත් වෙනවා. ඒ හා සැසඳෙන පරිසරයක් මෙතැන තිබුණේ නැත්නම් රෝගීන් මානසිකවත් වැටෙනවා කියලා හිතුණා. ඒ නිසා තමයි මගේ වාට්ටුව වෙනස් කරන්න ඕන කියලා මම හිතුවේ. කියලයි මේ වාට්ටුව නිර්මාණය කරපු විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.ඩී.එල්. සිරිවර්ධන මහතා කිව්වේ.
” මේ ස්ථානය තිබුණෙත් අනෙක් වාට්ටු වගේම තමයි. රෝගීන් හිටියේ පැදුරු උඩ. ගෙදරටත් වඩා හොඳ තැනක් බවට මේ වාට්ටුව පත් කරන්න මට වුවමනා වුණා. මල්වතු – අස්ගිරි හිමිවරුන්, මැති ඇමැතිවරුන් රෝහලට ඇවිත් නවතින්නේ මගේ වාට්ටුවේ. රෝගීන්ට අවශ්‍ය පිඟාන – කෝප්පය පවා මෙතැන තියෙනවා. මගේ වාට්ටුවට ඇතුළු වෙන කොටම රෝගියාට වෙනසක් දැනීම මත තමන් ලෙඩෙක් කියලා අමතක වෙන තරමටම මෙතැන පහසුකම් වැඩිදියුණු කර තිබෙනවා. කියලා වෛද්‍යතුමා වැඩි දුරටත් සඳහන් කරා.
මේ වාටුවේ සේවයක කරන කාර්යමණ්ඩලය ගැන වෛද්‍යවරයා කිව්වේ මේ වගේ දෙයක්. මේ වාට්ටුවෙන් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ උපකාරය සඳහා රෝහල් කාර්ය මණ්ඩලය හැර පිටින් පුද්ගලයන් ගෙන්නා ගන්නේ නැහැ. කාර්ය මණ්ඩලයේ අයටත් අපි සැලකීමක් කරනවා. වැසිකිළි හා කාමර යනාදිය හදා දී තිබෙනවා. කාර්ය මණ්ඩලයෙන් වැඩ උපරිමයෙන් ලබාගන්නවා. කාර්ය මණ්ඩලය එක්ව සතුටු සාද පවත්වනවා. අපි පැදුරු පාටියක්, විනෝද චාරිකා 3 ක් ගොස් තියෙනවා. වාර්ෂිකව ජූලි මාසයේ වාට්ටුවේ පිරිතක් කියනවා.