ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළවෙනි ටෙස්ට් තරඟයේ 4 වෙනි දවස ඊයේ වුණා. ඊයේ දවසට තරඟය අවසන් වෙද්දී ලංකාවට තරඟය ගැන තවදුරටත් බලාපොරොත්තු තියා ගන්න පුළුවන් වුණා. ඒ කුසල් මෙන්ඩිස්ගේ සුපිරි ඉනිම නිසා.
දෙවෙනි ඉනිමට කොදෙව්වන් කොදෙව්වන් ලකුණු 223 ක් ලබා ගත්තා. කඩුලු 7 ක් බිඳ වැටෙද්දී කොදෙව්වන් ඉනිම අත්හිටෙව්වා. පොවෙල් ලකුණු 88 ක් ලබා ගත්තා. නායක හෝල්ඩර් ලකුණු 39 යි.
ලහිරු කුමාර කඩුලු 3 ක් දවා ගත්තා. හේරත් කඩුලු 2 යි. ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 453 ක් ඉලක්කයක් ලැබුණා.
කුසල් ජනිත් ලකුණු 12 කට දැවී ගියා. චන්දිමාල් ලකුණු 15 ක් ලබා ගෙන සිටියදී ආබාධයකට ලක් වෙලා පිටියෙන් ඉවත් වුණා. මැතිව්ස් ලකුණු 31 යි. ලංකාවේ ඉනිමේ නැංගුරම වුන කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 94 ක් ලබා ගෙන ඉන්නවා. 4 පහර 9 කින් සහ 6 පහර 2 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.
ඊයේ දවසට තරඟය නතර කරද්දී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 176 ක් ලබා ගෙන හිටියා. තරඟය ජයග්‍රහණය කරන්න ලංකාවට තවත් ලකුණු 277 ක් ඕන. කඩුලු 7 ක් ලංකාවට ඉතිරි වෙලා තියෙනවා.