අයහපත් කාලගුණය නිසා කල් දැම්ම සුපිරි පළාත් අවසන් මහා තරඟය ඊයේ පැවැත් වුණා. ඒ ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී. කොළඹ පරදා සුපිරි ජයක් ලබා ගන්න ගාල්ල කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනා ගත්ත ගාල්ල කණ්ඩායම මුලින් ලකුණු රැස් කරා. රමිත් ලකුණු 22 යි. දෙවෙනි කඩුල්ලට සහ තරංග සහ සධීර ලකුණු 125 ක් ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩ නැගුවා. සධීර ලකුණු 62 ක් ලබා ගත්තා. ශානක ලකුණු 31 යි.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල උපුල් තරංග ලකුණු 124 ක් රැස් කරා. ඔහුගේ ඉනිම 4 පහර 13 කින් සහ 6 පහර 3 කින් වර්ණවත් වුණා. චතුරංග ද සිල්වා වේගවත් ලකුණු 26 ක් ලබා ගත්තා. භානුක රාජපක්ෂ නොදැවී ලකුනු 29 යි.
පන්දුවාර 50 අවසන් වෙද්දී ගාල්ල කණ්ඩායම ලකුණු 320 ක් ලබා ගත්තා. ඔවුන්ගේ කඩුලු 7 ක් බිඳ වැටුණා. ලක්ෂාන් සඳකැන් කඩුලු 4 ක් දවා ගත්තා. කොළඹ කණ්ඩායමට ළකුණු 321 ක් දැවැන්ත ඉලක්කයක් ලැබුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොළඹ කණ්ඩායමට රැස් කර ගන්න පුළුවන් වුනේ ලකුණු 245 ක් විතරයි. ෂෙහාන් ජයසූරිය ලකුණු 51 යි. කමිඳු මෙන්ඩිස් ලකුණු 41 යි. පෙරේරා ලකුණු 40 ක් ලබා ගත්තා. වනිඳු හසරංග ලකුණු 31 යි.
පන්දුවාර 44 කදී කොළඹ ඉනිම අවසන් කරන්න ගාලු පන්දු යවන්නන්ට පුළුවන් වුණා. නිශාන් පීරිස් සහ මලින්ද පුෂ්පකුමාර කඩුලු 3 බැගින් දවා ගත්තා. දසුන් ශානක කඩුලු 2 යි.
තරඟයේ වීරයා ගාල්ලේ උපුල් තරංග. තරඟාවලියේ වීරයා කොළඹ කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය.