News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

කිලිනොච්චියට සමුදුන්න කර්නල් රත්නප්‍රිය වෙනුවෙන් කිලිනොච්චියම කඳුලින් තෙත් වෙයි. – Photo

859 Views


කිලිනොච්චියට සමුදුන්න කර්නල් රත්නප්‍රිය වෙනුවෙන් කිලිනොච්චියම කඳුලින් තෙත් වෙයි. – Photo

ජාතිවාදීන් ලෝකය කියන්නේ ලංකාවේ දමිළ සහෝදර සහෝදරියන්ට හමුදාව කරදර කරනවා කියලා. උතුරේ අපේම සහෝදර සහෝදරියන් හමුදා සාමාජිකයන්ට කැමති නෑ කියලා තමයි ජාත්‍යන්තරයට කියන්නේ. හැබැයි ඒ කතා සියල්ලම බොරුවක් කියලා කිලිනොච්චියේ ජනතාව පෙන්නුවා.

ඒ කිලිනොච්චිය මුලතිව් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ අණදෙන නිලධාරී කර්නල් රත්නප්‍රිය බන්දු මහතා ස්ථාන මාරු ලැබිලා දවසේ. එදා මුළු කිලිනොච්චියම හැඬු කඳුලින් හිටියේ. කර්නල් රත්නප්‍රිය බන්දු මහතා හිටපු LTTE සාමාජිකයින්ව පුනුරුත්තාපනය කරලා සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවට බඳවා තියෙනවා.

මේ නිසා කිලිනොච්චියේ දමිළ ජනතාව කර්නල් රත්නප්‍රියට ගොඩක් ආදරය කරා. ඔවුන් කිව්වේ රත්නප්‍රිය මහතා පියෙක් බලා ගත්තා කියලා. කර්නල් රත්නප්‍රිය බන්දු මහතා වෙනුවෙන් කිලිනොච්චිය සමූපකාර ගොඩනැගිල්ලේ උත්සවයකුත් සංවිධානය කරලා තිබ්බා. මේ උත්සවයට ආව හිටපු LTTE සාමාජිකයන් වගේම ගම්වාසින් රත්නප්‍රිය මහතාගේ වෙන්වීම දරා ගන්න බැරුව හැඬුවා.

කාට හරි හිතෙන්න පුළුවන් මේක ගොතපු කතාවක් කියලා. මේ ඡායාරූප ඒකට සාක්ෂි දරාවි.


News Articles
Latest Videos
Most Popular Post