News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

කෝඩුකාර ස්කොට්ලන්තය, එංගලන්තයට ක්‍රිකට් උගන්වයි. – Photo

1255 Views


කෝඩුකාර ස්කොට්ලන්තය, එංගලන්තයට ක්‍රිකට් උගන්වයි. – Photo

ලෝකයට ක්‍රිකට් හඳුන්වලා දුන්නේ එංගලන්තය. ඒ නිසා ක්‍රිකට් ගුරුන් විදියට තමයි එංගලන්තය හඳුන්වන්නේ. ගුරුවරුන්ටත් වැඩ වැරදි කියලා කතාවක් තියෙනවා නේ. එංගලන්තයටත් ඊයේ වැඩ වැරදුනා.

ඒ එංගලන්තය සහ කෝඩුකාර ස්කොට්ලන්තය අතර තරඟයේදී. ඒ තරඟයේදී ලකුණු 6 ක් තියුණු ජයක් ලබා ගන්න ස්කොට්ලන්තය සමත් වුණා. ස්කොට්ලන්තයේ එඩින්බරෝ වල තිබ්බ තරඟයේ මුලින්ම ලකුණු රැස් කරේ ස්කොට්ලන්තය. ඔවුන් 50 පන්දුවාර දී ලකුණු 371 ක් ලබා ගත්තා. ඒ ;කඩුලු 5 ක් විතරක් දැවී.

කැලම් මැක්ලියෝඩ් ලකුණු 140 ක් ලබා ගත්තා. ඒ පන්දු 94 කදී. කයිල් කොට්සර් ලකුණු 58 යි. ජෝජ් ලකුණු 55 ගියා.

දැවැන්ත ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට සියලු දෙනාම දැවී ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 365 ක් විතරයි. තවත් පන්දු 8 ක් ඉතිරි වෙලා තියෙද්දී එංගලන්ත ඉනිම නිමා කරන්න ස්කොට්ලන්ඩ් පන්දු යවන්නන් සමත් වුණා.

ජොනි බෙස්ට්‍රොව් වේගවත් ලකුණු 105 ක් ලබා ගත්තා. ඇලෙක්ස් හෙල්ස් ලකුණු 52 යි. මොන් අලී ලකුණු 48 යි. ලියාම් ප්ලන්කට් නොදැවී ලකුණු 47 ක් රැස් කරා. මාක් වොට් කඩුලු 3 ක් දවා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post