දකුණු අප්‍රිකාව ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා. ඒ ටෙස්ට් තරඟ දෙකක්, එක්දින තරඟ 5 ක් සහ T20 තරඟයක් සඳහා. ටෙස්ට්ර තරඟාවලිය ජූලි 12 වෙනිදා ඉඳලා ජූලි 24 දක්වා පැවැත් වෙනවා.
පළවෙනි තරඟය ගාල්ලේදී ජූලි 12 – 16 දක්වා පැවැත් වෙනවා. දෙවෙනි තරඟය ජූලි 20 – 24 දක්වා පැවැත් වෙනවා. ටෙස්ට් තරඟාවලියට සහභාගී වෙන දකුණු අප්‍රිකා සංචිතය මේ වෙද්දී නම් කරලා තියෙනවා. මේ සංචිතයට ප්‍රභල දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් රැසක් ඇතුලත් කරලා තියෙනවා.
හිටපු නායක ඩිවිලියර්ස්ගේ සමුගැනීමෙන් පසු දකුණු අප්‍රිකානු කණ්ඩායම සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මේක.
දකුණු අප්‍රිකානු කණ්ඩායම
ෆැෆ් ඩූ ප්ලෙසිස් (නායක)
හෂීම් අම්ලා
ටෙම්බා බවූමා
ක්වීන්ටන් ඩී කොක්
ටී.ඩී බෘන්
ඩීන් එල්ගාර්
හෙයින්රිච් ක්ලාසෙන්
කේෂව් මහරාජ්
එයිඩන් මාක්‍රාම්
ලුන්ගිසානි එන්ගිඩි
වර්නන් ෆිලෑන්ඩර්
කගීසෝ රබාඩා
ටබ්රේස් ෂම්සි
ඩේල් ස්ටේන්
ෂොන් වොන් බර්ග්