News Line| Off Air
Generic placeholder image

Jun
12

“ආවා” යද්දී “ධනුරොක්” එයි. යාපනයේ බිහිවුන අලුත්ම බයිසිකල් කල්ලිය මෙන්න.

1282 Views


“ආවා” යද්දී “ධනුරොක්” එයි. යාපනයේ බිහිවුන අලුත්ම බයිසිකල් කල්ලිය මෙන්න.

කාලයක් “ආවා” කියලා කල්ලියක් යාපනයේ කලහකාරී සිදුවීම් ඇති කරා. හැබැයි පොලිසියේ සහ හමුදාවේ වැටලීම් වලින් ආවා කල්ලියේ බහුතරයක් අත්අඩංගුවට ගන්න පුළුවන් වුණා.

හැබැයි දැන් තවත් කල්ලියක් යාපනයේ චන්ඩිකම් කරන්න පටන් අරන්. “ධනුරොක්” කියලා තමයි මේ කල්ලිය හඳුන්වන්නේ. ආවා කල්ලියෙන් කැඩිලා ගිය පිරිසක් තමයි ධනුරොක් කල්ලිය හදාගෙන තියෙන්නේ.

යාපනයේ කොකුවිල් පොලීසිය පහුගිය දා ධනුරොක් කල්ලියේ 3 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබ්බා. ඔවුන් තමයි මේ තොරතුරු හෙළිකරලා තියෙන්නේ. පහුගිය 10 වෙනිදා කොකුවිල් බටහිර අරුගල්මඩම් ප්‍රදේශයේදී යතුරුපැදි 2 කින් ආව ධනුරොක් කල්ලියේ පිරිසක් තරුණයින් දෙදෙනෙක්ට පහර දීලා තියෙනවා.

ඒ පිරිසෙන් 3 දෙනෙක් අත්අඩංගුවට ගන්න කොකුවිල් පොලීසිය සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post