News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
12

හඬමින් සමාව ගත් ඩේවිඩ් වෝනර් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනත් පැත්තකට අත තියයි. – EXCLUSIVE

2654 Views


හඬමින් සමාව ගත් ඩේවිඩ් වෝනර් ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනත් පැත්තකට අත තියයි. – EXCLUSIVE

ඩේවිඩ් වෝනර් කියන්නේ මෑත කාලයේ ලෝකයේ බිහිවුණු දක්ෂ නායකයෙක්. නමුත් අවාසනාවකට ඩේවිඩ් වසරක තරඟ තහනමකට ලක් වුණා. ඒ පහුගිය මාර්තු මාසයේ දකුණු අප්‍රිකාව සමග තරඟය අතර පන්දුව පලුදු කරන්න ක්‍රීඩකයන්ට උපදෙස් දුන් වරදට. ඊට පස්සේ වෝනර් කරපු වරද ගැන සැහෙන්න පසු තැවුනා.

මේ වෙද්දී අපිට ලැබෙන අලුත්ම ආරංචියේ හැටියට වෝනර් ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදිහට කටයුතු කරන්න සුදානම් වෙනවා. ඒ ඕස්ට්‍රේලියාවේ චැනල් 9 රූපවාහිනී නාලිකාවේ. හැබැයි මේ වැඩේට ඕස්ට්‍රේලියාවේ ප්‍රවීණ ක්‍රීඩා විචාරකයෝ ප්‍රසිද්ධියේම විරුද්ධ වෙලා. ඔවුන් කියන්නේ වරදක් කරපු කෙනෙක් කොහොමද තව කෙනෙක්ට විචාරයක් දෙන්නේ කියලයි.


News Articles
Latest Videos
Most Popular Post