News Line| Off Air| Games
Generic placeholder image

Jun
12

විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිනිය පාසලේදී පෙම් කරනවා දැක්ක සිසුවා පාසලෙන් දොට්ට දමයි.

932 Views


විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිනිය පාසලේදී පෙම් කරනවා දැක්ක සිසුවා පාසලෙන් දොට්ට දමයි.

අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවා නේ. පාසල් කාලයේදී දරුවන්ට ගුරුවරු අවවාද කරන්නේ අනවශ්‍ය පෙම් පැටලවිලි ඇතිකර එපා කියලා. හැබැයි ඉතිං කියන ගුරුවරුම පාසලේදී අනවශ්‍ය පෙම් රැඟුම් කරනවා නම් ළමයින්ට කොච්චර අවවාද කරත් වැඩක් නෑ.

විදුහල්පතිවරයා සහ නියොජ්‍ය විදුහල්පතිනිය පාසල් කාර්යාලයේ අත් පටලවාගෙන ඉන්නවා දැක්ක සිසුවකු පාසලෙන් ඉවත් කරලා තියෙනවා. ගම්පහ කලාපයේ පාසලක තමයි මේර සිදුවීම වෙලා තියෙන්නේ. විදුහල්පතිවරයා ගැන පරීක්ෂණයක් කරත් දේශපාලන සම්බන්ධතා වලින් පරීක්ෂණය යට ගහල තියෙනවා.

11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා හුණු කූරක් ගන්න උදෑසනම පාසලේ විදුහල්පති කාර්යාලයට ගිහින්. නියෝජ්‍ය විදුහල්පතිනිය සහ විදුහල්පතිවරයා අත් පටලවාගෙන ඉන්නවා මේ සිසුවා දැකලා. ඒ බව ඔහු පන්තියේ මිතුරන් එක්ක කියලා. ඊට පසු දිනක ඒ ගැන විමසා විදුහල්පතිවරයා සිසුවාට බැන වැදිලා තියෙනවා.

එම සිද්ධියෙන් පසු දිනපතාම විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිනිය විවිධ වැරදි කියමින් තමාට හිරිහැර කරා කියලා ඒ සිසුවා පළාත් අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කරලා තියෙනවා. දවසක් කොණ්ඩය වැඩී කියලා නියෝජ්‍ය විදුහල්පතිනිය පහර දෙද්දී සිසුවා අත දිගුකර එම පහරදීම්වලින් බේරීමට උත්සාහා කරලා තියෙනවා.

පැය කිහිපයකින් යළිත් තමා විදුහල්පති කාර්යාලයට කැඳවූ බව ද, එම අවස්ථාවේ පොලිසියේ දෙදෙනකු සහ තම මව පාසලට කැඳවා තිබුණු බව ද, තමා විදුහල්පතිනියට පහර දීමට උත්සාහ කළ බව ඇය කියා සිටි බව ද සිසුවාගේ පැමිණිල්ලේ සඳහන් කරලා තියෙනවා. සිසුවා එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති CCTV දර්ශන පරීක්ෂා කර බලන ලෙස ඉල්ලා සිටියත් එය සිදු කරලා නෑ.

ඉන් පසු සිසුවා පාසලෙන් ඉවත් කරලා තියෙනවා. සිසුවා තමාට වූ අසාධාරණය ගැන කලාප අධ්‍යාපන කාර්යාලයට සහ පළාත් අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කරත් පරීක්ෂණයක් කරලා නෑ.සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළත් දේශපාලන බලපෑමක් නිසා විදුහල්පතිවරයාට එරෙහි විමර්ශන යටපත් වී ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

‘මේ සිද්ධිය ගැන කලාප කාර්යාලයෙන් විමර්ශනයක් කළා. අදාළ නියෝජ්‍ය විදුහල්පතිනිය පාසලෙන් ඉවත් කරන ලෙසටත් එම විමර්ශනයේ සඳහන් වෙලා තිබුණා. නමුත් දේශපාලන බලපෑම් නිසා අපට විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු අනුව පියවරක් ගන්න බැරි වුණා. කලාප කාර්යාලය හරහා සිසුවාට වෙනත් පාසලක් ලබා දීමට කටයුතු කළා.‘ කියලයි ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post