මේ දවස්වල ලෝකයේ වැඩිම අවධානයක් යොමු වෙලා තියෙන රට තමයි උතුරු කොරියාව. අතීතයේ ලෝකයෙන් කොන් වෙලා පාඩුවේ හිටිය උතුරු කොරියාව දැන් ලෝකයත් එක්ක එකතු වෙන්න උත්සහා කරනවා. එකේ ලොකුම පියවර තමයි ඇමරිකාව සමඟ සමුළුවක් පවත් වීම.
මේ නිසා උතුරු කොරියානු නායක කිම් ජෝන් අන්ට ලෝකයෙන්ම ප්‍රශංසා ලැබුණා. හැබැයි කවුරුත් නොදන්න රහසක් තියෙනවා. තීරණය පිටිපස්සේ ඉඳන් කිම් ජෝන්ව මෙහෙයවන මහ මොළකාරිනියක් ඉන්නවා. ඒ තමයි කිම් ජොන් අන්ගේ නංගි Kim Yo-jong. ඇය තමයි කොරියානු නායකයට සියලුම උපදෙස් දෙන්නේ.
පහුගිය දා තිබ්බ උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සාකච්ඡාවේදීත් මුලිකත්වය අරගෙන කටයුතු කරලා තියෙන්නේ ඇය. ඒ වගේම ඊයේ තිබ්බ ඇමරිකාව සහ උතුරු කොරියාව අතර සමුළුවේදී ලොකු වැඩකොටසක් ඇය කරලා තියෙනවා.
සමුළුවට කලින් Kim Yo-jong සිංගප්පූරුවට ඇවිත් සියලුම දේවල් හොයලා බලලා තියෙනවා. ඒ වගේම සිංගප්පූරුවේ බලධාරීන් එක්ක සමුළුවේ ආරක්ෂාව ගැනත් සාච්ඡා කරලා තියෙනවා. සමුළුව පැවැත් වෙද්දී කිම් ජොන් අන් අසලින්ම ඉඳගෙන ඔහුට උපදෙස් දෙන්නෙත් Kim Yo-jong. ඩොනල් ට්‍රම්ප් සහ කිම් ජොන් හිවිසුමට අත්සන් කරද්දී උතුරු කොරියානු නායකයා අසලට වෙලා ඉන්නෙත් ඇය.
මේ ගිවිසුම අත්සන් කරන්න පෑන් දෙකක් නායකයින් දෙදෙනාට මේසය මත තියෙලා තිබුණා. හැබැයි ටික වෙලාවකින් උතුරු කොරියාවේ ආරක්ෂකයෙක් ඇවිත් කිම් ජොන් අන්ට තියලා තිබ්බ පෑන් කොටස් වලට ගලවලා පරික්ෂා කරනවා. හැබැයි අවසානයේ කිම් ජොන් ගිවිසුමට අත්සන් කරන්නේ නංගි ගෙනත් දෙන පෑනකින්. මේ සියල්ල සිදු වෙලා තියෙන්නෙත් Kim Yo-jong ගේ උපදෙස් මත.
කොහොම හරි සමුළුව ඉවර වෙලා උතුරු කොරියානු නායකයා පිටත්ව යනකම් Kim Yo-jong සිංගප්පූරුවේ රැඳී ඉන්නවා. කිම් ජොන් අන් ගියාට පස්සේ වෙනත් ගුවන් යානයකින් තමයි ඇය පිටත්ව ගිහින් තියෙන්නේ.