News Line| Off Air
Generic placeholder image

Jun
14

බ්‍රිතාන්‍ය රජ පවුලටම හදපු අධි සුඛෝපභෝගී රාජකීය දුම්රිය මෙන්න. – Photo

1652 Views


බ්‍රිතාන්‍ය රජ පවුලටම හදපු අධි සුඛෝපභෝගී රාජකීය දුම්රිය මෙන්න. – Photo

රාජකීයන්ට ගමන් බිමන් යන්න විශේෂ යාන වාහන තියෙනවනේ. විශේෂ මෝටර් රථ, ගුවන් යානා වගේම රාජකීය දුම්රියකුත් රජ පවුලට තියෙනවා. එලිසබත් මහ රැජින බ්‍රිතාන්‍ය ඇතුලේ දුර ගමන් යන්න වැඩියෙන්ම භාවිතා කරන්නේ මේ දුම්රිය.

රාජකීයන් භාවිතා කරන මේ දුම්රියට වයස අවුරුදු 150 ක් විතර වෙනවා. හැබැයි තාමත් ඉතාමත් හොඳ තත්වයේ තියෙනවා. 1977 දී තමයි මේ දුම්රිය රාජකීයන්ගේ භාවිතයට අරගෙන තියෙන්නේ. දුම්රිය මැදිරි 9 ක් මේ දුම්රියේ තියෙනවා.

මේ දුම්රියේ රැජිනට ගිමන් හරින්න සුවිශේෂී දුම්රිය මැදිරියක් තියෙනවා. අඩි 3 ක් පළල කොට්න් සහ වූල් වලින් හඳපු සුවපහසු තනි ඇඳක් මේ මැදිරියේ තියෙනවා. නවීන පහසුකම් සහිත නාන කාමරයකුත් මේ දුම්රියේ තියෙනවා. කොටින්ම කිව්වොත් රජ මාලිගයක තියෙන සියලු පහසුකම් මේ දුම්රියේ තියෙනවා.

මේ තියෙන්නේ රාජකීය දුම්රියේ ඡායාරූප කිහිපයක්.

 


News Articles
Latest Videos
Most Popular Post