අධිකරණයේදී සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමේ වරදට ඥානසාර හිමියන්ට දඬුවම් නියම වුණා. මාස 6 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අධිකරණය නියම කරා.
උන්වහන්සේ මේ වෙද්දී බන්ධනාගාරයේ R වාට්ටුවේ රඳවා තියෙනවා. උන්වහන්සේ සමඟ කල්ක්‍රියාව යහපත් සිරකරුවන් 15 දෙනෙක් ඒ වාට්ටුවේ ඉන්නවා. ඊයේ රෑ සිරකරුවන් උන්වහන්සේට අවස්ථා කිහිපයකටම ගිලන්පස ලබා දීලා තියෙනවා.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව ඊයේ වෛද්‍යවරයෙකු පරීක්‍ෂා කරා. එහිදී උන්වහන්සේගේ දෙපාවල තිබෙන කුෂ්ඨ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කරලා තියෙනවා. පහුගිය කාලයේ තිබ්බ ගංවතුරෙන් පීඩාවට පත් වුන අයට ආධාර බෙදන්න ගිහින් ඒ කුෂ්ඨ රෝගය හැදුනා කියලා උන්වහන්සේ සඳහන් කරලා තිබ්බා.
මේ අතර උන්වහන්සේටත් බරපතල වැඩ සහිත සිරකරුවන්ට නියමිත නීති වෙන්න වෙනවා. ඥානසාර හිමියන්ටත් සිරකරුවන්ගේ ඇඳුම අඳින්න වෙනවා. උන්වහන්සේට විශේෂ ආරක්ෂාවක් ඕන නම් ලබා ගන්න පුළුවන්.
උන්වහන්සේට පැමිණිලිකාරියට 50,000 ක වන්දි මුදලක් ගෙවන්නත් සිද්ධ වෙනවා. ඒ මුදල ගෙවන්නේ නැත්නම් තවත් මාස 3 ක ලිහිල් සිර දඬුවමක් ලැබෙනවා.