FIFA ලෝක කුසලානයේ ලෝකයේම අවධානයට පත් වුන තවත් තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ දැවැන්ත ආජන්ටිනා කණ්ඩායම සහ පෙරළිකාර අයිස්ලන්ත කණ්ඩායම අතර. පාපන්දු ලොවේ රජු ලයනල් මෙසී ක්‍රීඩා කල ආජන්ටිනා කණ්ඩායම හා ගෝල සමකරන්න කෝඩුකාර අයිස්ලන්ත කණ්ඩායම සමත් වුණා.
D ඛාණ්ඩයේ තරගයක් විදියටයි ඊයේ තරඟය පැවැත් වුණේ. තරඟය ආරම්භයේ ඉඳලාම අයිස්ලන්තය මෙසී වෙනුවෙන් විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කරා. ඒ ආරක්ෂකයන් දෙදෙනෙක් යොදවා සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී සලකුණු කිරීමයි. මෙසී සලකුණු කිරිමෙන් පසු සෙසු ආර්ජන්ටිනා ක්‍රීඩකයන් පහසුවෙන් පරාජය කරන්න පුළුවන් කියලාදැන් පාපන්දු ලොවේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා.
තරඟය පුරාම අයිස්ලන්තයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මෙසීව වට කරගෙන හිටියා. 19 වැනි මිනිත්තුවේදී ආජන්ටිනාවේ සර්ජියො ඔගිරෝ පළමු ගෝලය වාර්තා කරා. 23 වැනි මිනිත්තුවේදී අයිස්ලන්තයේ මංගල ලෝක කුසලාන ගෝලය වාර්තා කරන්න ෆින්බොගසන් සමත් වුණා.
ඊට පස්සේ ආජන්ටිනාවට තවත් ගෝල ලබා ගන්න බැරි වෙන්න මෙසී වට තිබ්බ ආරක්ෂක වැට තර කරන්න අයිස්ලන්තය කටයුතු කරා. අවසානයේ ගෝල 1 – 1 ක් විදියට තරඟය අවසන් වුණා.
අයිස්ලන්ත ක්‍රීඩකයන් ලයනල් මෙසී කොටු කරමින් ක්‍රීඩා කළ අයුරු,