උස්වැටකෙයියාව මුහුදු තීරයේ ඉඳන් මුතුරාජවෙල පර්යන්තයට තෙල් පොම්පකරමින් තිබූ නලයක් කැඩිලා ගිහින් තියෙනවා. මේ නිසා තෙල් සංස්ථාවට ආසන්න වශයෙන් රුපියල් කෝටි 5ක පමණ අලාභයක් වෙලා තියෙනවා.
බොර තෙල් ටොන් 50ක් විතර මේ නිසා මුහුදට එකතු වෙලා තියෙනවා. මේ නලය කැඩිලා කියලා මාධ්‍ය මඟින් තෙල් සංස්ථාව දැනගෙන ඉඳලත් නෑ. ඒ නිසා පැය 4 ක් තිස්සේ තෙල් මුහුදට එකතු වෙලා. කැඩිලා ගිය නලයේ අඩි 200ක පමණ කොටසක් පමුණුව මුහුදු තීරයට ගොඩ ගහල තියෙනවා.
කොහොම වුනත් තෙල් සංස්ථාවට වුණාට වඩා දැවැන්ත විනාශයක් පරිසරයට මේ නිසා සිද්ධ වෙලා තියෙනවා. මුහුදට එකතු වුන තෙල් එකතු කිරීමටවත් ඔවුන් කටයුතු කරලා නෑ.